බොහෝ පිරිසක් නොදැනුවත්ව ආහාරයට ගන්න කෑවොත් මාරාන්තික වන පළතුර
ඇවෙරොවා කැරම්බොලා යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන කාමරංගා ශාකය පිලිපීනය, ඉන්දුනීසියාව, මලයාසියාව,වියට්නාමය,නේපාලය,ඉන්දියාව,බංගලාදේශය,ශ්‍රී ලංකාව වැනි රටවල් තුළ දකින්නට ලැබෙනවා .මීට අමතරව මෙම ශාකය ගිණිකොනදිග ආසියාව,දකුණු පැසිපික් සහ නැගෙනහිර ආසියව යන පෙදෙස්වල ව්‍යාප්තව පවතිනවා .මෙය පළතුරක් වශයෙන් භාවිතයට ගන්නා අතර අනෙකුත් පළතුරු මෙන් නොව මෙයට ආවේණික සුවිශේෂී හැඩයක් පවතී. කාමරංගා ගෙඩියක් හරස් කැපුමකට ලක්කල හොත් තරකා හැඩයක් ගන්නා ආකාරය අපිට දැක ගන්න පුළුවන් . ඒ නිසාම මෙය Starfruit නමින් හදුන්වනවා . ඉතින් අද ඔබට කියන්න යන්නේ කාමරංගා වල ගුණ අගුණ පිළිබදවයි.
කාමරංගා වල පෝෂණ ගුණය
කාමරංගා යනු මෙරට වැවෙන පලතුරු අතර කැල්සියම් වැඩිපුරම අඩංගුවන පලතුරයි. කාමරංගා ප්‍රතිඔක්සිකාරක, පොටෑසියම්, විටමින් C, සෝඩියම් යන පෝෂකවලින්ද පොහොසත් වෙනවා .විශේෂයෙන් ආහාර ගැනීමෙන් පසු ආහාර වල අඩංගු යකඩ සිරුරට අවශෝෂනය කරගත හැකි අතුරුපසක් වශයෙන් කාමරංගා පලතුර සැළකෙනවා. කාමරංගා ගුණදායි වන්නේ හොඳින් ඉදුණු පසුවයි . එවිට එය තැඹිලි පාටින් යුතු කහ පැහැයක් ගනියි . බාගෙට ඉදුණු හෝ අමු කාමරංගා ආහාරයට එතරම් යෝග්‍ය නොවේ. එසේ ඇඹුල් රසැති කාමරංගා අම්ල පිත්තය ඇති රෝගීන්ට සුදුසු නැත. පැණි රසැති කාමරංගා කුඩා දරුවන්ට ගුණදායකයි .
Nutritional value per 100 g
- ශක්තිය 128 kJ (31 kcal)
- කාබෝහයිඩ්‍රේට් 6.73 g
- සීනි 3.98 g ආහාරමය
- කෙඳි 2.8 g මේද 0.33 g
- ප්‍රෝටීන් 1.04 g
කාමරංගා වල සෞඛ්‍යමය වාසි
දිව පිනවන රසවත් පලතුරු අතර කාමරංගා වලට හිමි වන්නේ සුවිශේෂී තැනක්. විශේෂයෙන්ම කාමරංගා බොහෝ ලෙඩ රෝගවලට සුව ගෙන දෙන නිසා එය ඖෂධීය වටිනාකමින් යුත් පලතුරක් ලෙසත් හඳුන්වන්න පුළුවන්.සිනි ප්‍රතිශතයද අඩු කාමරංගා ආහාරයට ගැනීමෙන් පුරුෂයන්ගේ ලිංගික ශක්තිය වර්ධනය වනබව පැරණි අයුර්වේද ග්‍රන්ත තුළ සඳහන් වෙනවා.
කාමරංකා දියවැඩියාවට ඉතා හොඳ පලතුරකි. කාමරංකාවල අන්තර්ගත සුවිශේෂ ලවණ වර්ගවලට දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට හැකියාවක් ඇත. තවද මෙහි සීනි හා පිෂ්ඨ ධාතු අන්තර්ගත වන්නේ ඉතා අඩුවෙනි. එසේ වුව ද දියවැඩියා රෝගීන් කෙරෙහි පැණි රසැති කාමරංකාවලට වඩා ඇඹුල් රසැති කාමරංකා වඩා ක්‍රියාශීලී වන බව ද කිව යුතුයි.
- ප්‍රතිඔක්සිකාරක ගුණය පවතිනවා
- සිරුරේ විස නසන ගුණය
- මල බද්ධය දුරලයි
- අධික රුධිර පීඩනය පාලනය කරයි
- රක්තහීනතාවයට ගුණදායකයි
- සන්ධි වේදනාව නැති කරයි
- මතක ශක්තිය වැඩි කිරීමට උපකාරී වෙයි
- අධික තරබාරුව නැති කරයි
- කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරිම
- ෆෝලික් අම්ලය නිසා කුසේ සිටින දරුවාගේ නිරෝගී තත්ත්වයට ද හේතු වෙයි
- සෙම්ප්‍රතිශ්‍යාවටත්, සෙම් රෝගවලටත්, උගුර වේදනාව, සොටු දියර ගැලීම වැනි කායික ආබාධ සඳහාත් සුදුසු ඖෂධයක්
මාරාන්තික කාමරංගා
මෙච්චර ගුණ තිබුණට මේ පළතුර කෑවොත් මාරාන්තික වෙන්න පුළුවන්.ඒ කාමරංගා වල අඩංගු Caramboxin සහ Oxalic acid නිසා.ඉතින් මේ Caramboxin සහ Oxalic acid වකුගඩු රෝගීන්ට කොහෙත්ම හොඳ දෙයක් නෙමෙයි.
ඒ වගේම අමු කාමරංගා අධිකව ආහාරයට ගැනීමෙන් මුත්‍රා දැවිල්ල ඇති විය හැකියි. එක් වරකදී කාමරංගා මධ්‍යම ප්‍රමාණයේ ගෙඩි තුනකට වඩා ආහාරයට නොගත යුතුයි.
අධිකව ආහාරයට ගැනීමෙන් මුත්‍රා දැවිල්ල, කරකැවිල්ල, මත් ගතිය, අධික නිදිමත ඇති විය හැකියි.
ඒ වගේම වේදනා නාශක ඖෂධ ගන්නා අයට ද කාමරංගා කියන්නේ අයහපත් දෙයක් . අනිත් දේ තමයි පුද්ගලයාගේ ශරීරයේ යම් ප්‍රමාණයක සීනි ප්‍රමාණයක් පවතිනවා. අධික ලෙස කාමරංගා ආහාරයට ගැනීමෙන් ප්‍රශස්ත සීනී මට්ටමට වඩා සීනි ප්‍රමාණය පහත බැසීමෙන් විවිධ රෝගාබාධ ඇති විය හැකියි
.වමනය, කලාන්තය වැනි රෝග ලක්ෂණ සහ මරණය පවා ඇති වෙන්න පුළුවන්.හැබැයි බය වෙන්න දෙයක් නැහැ අධිකව ආහාරයට නොගෙන අවශ්‍ය පමණට භාවිතයෙන් සාමාන්‍ය නිරෝගී කෙනෙක්ට කාමරංගා වලින් කිසිඳු හානියක් වෙන්නේ නැහැ. .
රසවත් කාමරංගා
කාමරංගා කන්න කළින් මතක ඇතිව පිරිසිදු වතුරෙන් සෝදා දාර කපා ඉවත් කරගන්න ඉන්පසු මැද තියෙන ඇටත් ඉවත්කරගන්න ගොඩක් අය පුරුදුවෙලා ඉන්නෙ ලුණුත් එක්ක කන්න වුණත් කාමරංගා ආහාරයට ගත හැකි ක්‍රම ගොඩක් තියෙනවා එළවළු හා පලතුරු සළාදවලට එකතුකරන්න කේක් සහ අතුරුපස සරසාගන්න පුඩිං සාදන්නට ජෑම් , ජෙලි ,චට්නි සෑදීමට ඒ වගේම එළවළු කරියක් විදිහටත් කාමරංකා සකසගන්න පුළුවන් අයිස් සමඟ බ්ලෙන්ඩ් කර සාදාගන්නා කාමරංගා පානයත් ඉතාම රසවත්
කාමරංගා වල අඩංගු පෝෂණමය හා ඖෂධීය වටිනාකම දැන් ඔබට වැටහෙනවා ඇති .එහෙත් වකුගඩු රෝගීන්ට පමණක් මෙය දිනපතා ආහාරයට ගැනීම අනුමත කළ නොහැකියි . මොකද වකුගඩු රෝගීන්ට කාමරංගාවල අඩංගු ඔක්සයිඩ් අහිතකර වෙන්න පුළුවන් .කාමරංගා පරිභෝජනය කිරීම දැනට වකුගඩු අකරණිය, වකුගඩුවල ගල් වැනි රෝගවලින් පෙළෙන අයට ගැටළුවක් විය හැකි නමුත් එසේ නොවන අයට ඉන් කිසිදු ගැටළුවක් නොමැති බව පර්යේෂණ මගින් ඔප්පු වෙලා තියෙනවා .
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
