ඇම්බියුලන්ස් හෙදිය රන්මාලයට විදලා
Nurse
ambulance
Nugegoda
Mirihana
By Sewvandhi
විශ්‍රාමික ආදායම් බදු කොමසාරිවරයකුගේ බිරියක රෝගාතුර වී රෝහලට රැගෙන යාමට ආ සුවසැරිය ගිලන් රථයක හෙදියක රෝගි කතගේ ගෙළෙහි වූ ලක්ෂ දෙකක් පමණ වටිනා රන් මාලයක් සොරාගත් බව කියන සිද්ධියක් මිරිහාන පොලිසියෙන් වාර්තා වෙයි.
සැකකාරිය හෙළිකර ඇති තොරතුරු මත රන්මාලය ද සොයාගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇතුල්කෝට්ටේ පදිංචි 29 හැවිරිදි හෙදියකි.
නුගේගොඩ පදිංචි 73 හැවිරිදි විශ්‍රාමික ආදායම් බදු කොමසාරිස් පොලිසියට කළ පැමිණිල්ලක් අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
රෝගී කත සුවසැරිය ගිලන් රථයෙන් රැගෙන යාමට පෙර අලුතින් ඇඳුමක් අන්දවීමට ඇය සිටි කාමරයට ගිය අවස්ථාවේ මෙම රන්මාලය සොරාගෙන ඇති බවට අනාවණය වී ඇත.
දන්න අය ගැන නොදන්න රස කතා ගොඩක් එක්ක ... තරු With ගගන.. ජනප්‍රිය කළා ලොවේ තරු , ලොවම ජයගත් ක්‍රීඩකයින්, ඇතුළු ඔබ ආදරය කරන අය ගැන බොහෝ දේ දැන ගන්න. අමතක නොකර සෑම සිකුරාදාවක්ම සවස 4.00 ට අපි එක්ක එකතු වෙන්න. එහෙනම් දැන්ම ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන්ම දැන ගන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා. |