අක්කගෙ නිරුවත මදි වෙලා නංගිගෙ නිරුවතටත් විදින්න ගිය අනංගයා මාට්ටු වෙයි..
ෆේස්බුක් හරහා හදුනාගත් අවුරුදු 16ක් වයස පාසල් සිසුවියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යන අතරේ ඇගේ සහ ඇගේ 13 හැවිරිදි නැගණියගේ නිරුවත් ඡායාරූප වට්ස්ඇප් මගින් සිය ජංගම දුරකථනයට ගෙන්වා ගෙන , එම ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කර බිය ගන්වමින් රුපියල් 50,000 මුදලක් බලහත්කාරයෙන් බැංකු ගිණුමක තැන්පත් කර ගත්තේ යැයි කියන චෝදනාවට තරුණ යුද හමුදා සෙබළෙක් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති පුවතක් වාර්තා වනවා.
අත්අඩංගුවට ගත් සැකකාර සෙබළා උතුරේ යුද හමුදා කදවුරක රාජකාරි කරන 21ක් හැවිරිදි වියේ පසු වන කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවයි පැවසෙන්නේ.
මෙම සැකකාර සෙබළා ෆේස්බුක් ඔස්සේ මෙම පාසල් සිසුවිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති අතර දෙදෙනා කිසිම දිනක හමුවී නොමැති බවයි වාර්තා වන්නේ.
