සනී ලියෝන් ලංකාවට මාර ආදරෙයිලු - මෙන්න හේතුව

Sunny Leone Gossip Today Tourist Visa Sinhala news gagana news
By Mithu Aug 20, 2025 08:04 AM GMT
Mithu

Mithu

Report

 Bollywood නිල් චිත්‍රපටි නිළියක් වන සනී ලියොන් ශ්‍රී ලංකාවට දැඩි ලෙස ආස කරන්න එක්තරා හේතුවක් පිළිබඳව සඳහන් කරයි.

ඒ අනුව ඇය මෙරට තැඹිලි සඳහා වැඩි කැමැත්තක් දක්වන බවට වාර්තා වෙයි.

සංචාරයක් සඳහා ඉකුත් දා මෙරටට පැමිණ සිටි සනී ලියෝන් කොළඹදී කළ ටික්ටොක් වීඩියෝවකින් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ තැඹිලි සඳහා තමන් මහත් ඇල්මක් දක්වන බවයි.

සතොසෙ හාල් කොටන්නෙත් පොළොන්නරුවේ මහ මෝල් හිමිකරුවා -ඔක්කොම එළියට

සතොසෙ හාල් කොටන්නෙත් පොළොන්නරුවේ මහ මෝල් හිමිකරුවා -ඔක්කොම එළියට

“විනෝදජනක කරුණක් නම්, මම මෙහි පැමිණි පළමු අවස්ථාව මම තැඹිලි ගෙඩියක රස බැලූ පළමු අවස්ථාවයි” ඇය ගුවන් තොටුපළේ සිට කොළඹ නගරයට යන අතරතුර රූගත කරන ලද වීඩියෝව ඔස්සේ පවසයි. “ඒවා කුරුම්බාවලට වඩා ගොඩක් හොඳයි.” යනුවෙන් ද එහි දැක්වේ. “තවත් විනෝදජනක කරුණක් වන්නේ මම මගේ පළමු බොලිවුඩ් චිත්‍රපටය රූගත කළේ ශ්‍රී ලංකාවේදී” ඇය තවදුරටත් කියාසිටියාය.

කැනඩාවේ උපත ලද සනී ලියොන්ගේ මව්පියන් ඉන්දියානුවන් වේ. අනතුරුව ඇය ඇමරිකානු පුරවැසිභාවය ලබාගත් අතර කලක් ප්‍රකට නිල් චිත්‍රපට නිළියක් ලෙස වෘත්තීමය වශයෙන් කටයුතු කර, මේ වනවිට බොලිවුඩයේ වෙනත් මාදිලිවල චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වේ.  

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තවත් වැඩ වර්ජනයක්

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තවත් වැඩ වර්ජනයක්