මේ ලයිසන්වල ගාණ වැඩි කරන්න තීරණයක්

Report

මාසයක කාලයක් වෙනුවෙන් විදේශිකයින්ට රුපියල් 2000ක මුදලකට නිකුත් කරන තාවකාලික රියදුරු බලපත්‍ර ගාස්තුව ඉදිරියේදී ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බව සභා නායක බිමල් රත්නායක මහතා ප්‍රකාශ කරයි.

ඔහු මේ බව සඳහන් කළේ අද (20) දින පාර්ලිමේන්තුවේදීයි. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඔහු,

බලන් හිටපු උපාධිධාරි ගුරු විභාගය ගැන අලුත්ම ආරංචිය, වයස් සීමාවෙත් වෙනසක්

බලන් හිටපු උපාධිධාරි ගුරු විභාගය ගැන අලුත්ම ආරංචිය, වයස් සීමාවෙත් වෙනසක්

''විදේශිකයන්ට තාවකාලික බලපත්‍රයක් නිකුත් කිරීම පිළියන්දල වේරහැර තිබෙන ස්ථානයෙන් සිදු කිරීම නිසා විදේශිකයන්ට අඩුම වශයෙන් දවසක කාලයක් ඒ සඳහා ගත කිරීමට වුණා. ඒ වගේම ඒ කටයුත්ත වෙනුවෙන්ම රජයට රුපියල් දෙදාහක් ලැබෙද්දී ඒ බ්‍රෝකර්වරුන් කියන කට්ටිය, බ්‍රෝකර්කමත් අත්‍යවශ්‍ය රැකියාවක් නමුත් ඩොලර් හැටක, හැත්තෑවක, සීයක වගේ ප්‍රමාණයක් විදේශිකයන්ගෙන් අයකර ගැනීමක් තිබෙනවා. මේ විදේශිකයන් කියලා එන්නේ ඉස්සර වගේ නෙවෙයි සාමාන්‍ය මිනිස්සු එන්නේ. ඒ මිනිස්සු රටකට එන්නේ, ඒ රට කොච්චර නිදහස්ද, ඒ රට කොච්චර තමන්ගේ වැටුපට අනුව ගත කරන්න පුළුවන් ද කියන එක මත. රුපියල් දෙදාහක් රජයට අය වෙද්දී, අතරමැදියෙක් ඩොලර් හැටක් ගන්නවා.

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

ඒක තමයි නෝම් එක. අපි හිතනවා ඒක ඉතා අසාධාරණයි. ඒකෙන් ලංකාවේ සංචාරක කර්මාන්තය බිඳ වැටෙනවා. ලංකාවේ සංචාරක කර්මාන්තය පිළිබඳ නරක හැඟීමක් එනවා. අනික ඔබතුමා දන්නවා ටුවරිස්ට්ලා මිලියන් දෙකක් ආවොත්, ඔය මිලියන දෙකෙන් මිලියන දහ නමයක්ම ඕවා ඔක්කොම සෝෂල් මීඩියා වල දානවා. හොඳ නරක දෙකම. එම නිසා තමයි අපි තීන්දු කළේ මීට කලිනුත් උත්සාහයක් අරගෙන තිබිච්ච නිසාත්, අපි සංචාරක පැත්තට සැලකිය යුතු බරක් තියලා තියෙන නිසාත් මේ පහසුකම විදේශිකයන්ට කටුනායක ගුවන්තොටුපලේදී ලබාදෙන්න.

පාසල් විෂය මාලාවට 'කොන්ඩම්' ඇතුළත් වේ

පාසල් විෂය මාලාවට 'කොන්ඩම්' ඇතුළත් වේ

ඒ නිසා මේක අලුත් දෙයක් නෙමෙයි. පරණ දෙයක්. ඒ පරණ දේ තුළ තිබිච්ච දුෂ්කරතාවය අඩු කරලා තිබෙනවා. ඒ වගේම ඒක තුළ සිද්ධ වෙච්ච අනවශ්‍ය ගසා කෑම අපි සීමා කරලා තිබෙනවා. තාමත් ඒ ගසා කෑම තරමක් කරන අය ඇති. නමුත් මෙතනින් ඒක අවම වෙනවා. මේ ලයිසන් එක ත්‍රීරෝද රථවලට ලබාදෙන්නේ නැහැ. මීට කලින් ලබාදීලා තිබෙනවා, අපි කිසිඳු විදේශිකයෙක්ට ත්‍රීරෝද රථ ලයිශන් මේක යටතේ ලබා දෙන්නේ නෑ. අපි උපදෙස් දීලා තියෙනවා නතර කරන්න කියලා. එකක් ආරක්ෂාව පැත්තෙන්. අනිත් පැත්තෙන් අපේ අති විශාල ප්‍රජාවක් රැකෙනවා මේ ත්‍රීරෝද රථ කර්මාන්තය හරහා, එයත් සැලකිල්ලට අරගෙන ඒ නිසා ත්‍රීරෝද රථ ලයිසන් අපි දීලා නෑ.

දිවයින පුරාම ඇති සිසුන් අඩු පාසල්වලට ඇත්තටම වෙන්නේ මේකයි, සියලු පාසල්වලට රජයෙන් දැනුම්දෙයි

දිවයින පුරාම ඇති සිසුන් අඩු පාසල්වලට ඇත්තටම වෙන්නේ මේකයි, සියලු පාසල්වලට රජයෙන් දැනුම්දෙයි

මේ පිළිබඳව සංචාරක ආයතනවලින් ඇවිල්ලා අපිව මුණ ගැහුණා. එතනදි ඔවුන් මතු කළා මේ රුපියල් දෙදාහ කියන මුදල මදියි කියන එක. ඒක අපිත් දන්නවා. ඩොලර් හයක වගේ මුදලක්. දැනට තිබෙන ගැසට් එක මම ඔබතුමාගේ අවසර ඇතුව හැන්සාඩ් කරනවා. ඒ ගැසට් එක අනුව තමයි අපිට අය කරන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ ගැසට් එකට අනුව තමයි අපි රුපියල් දෙදාහ දැනට පවත්වගෙන යන්නේ. අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා මේ මුදල් අය කිරීම් වැඩි කරලා කැබිනට් එකටත්. ඒ කැබිනට් අනුමැතිය මත ඊට පස්සේ රෙගුලාසි ගැසට් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. විදේශිකයන්ට ලබාදෙන තාවකාලික ලයිසන් එකට අයකරන ගාස්තු වැඩි කරන්න. ඉතින් ඒ නිසා මේක තමයි අපිට මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා කියන්න තියෙන්නේ.'' යනුවෙන් පවසා ඇත.

අවුරුදු 11දී අවුරුදු 50ක ස්ත්‍රී දුෂකයෙක්ගේ බිරිදක් වෙලා - අවාසනාවන්තම ගෑණු ළමයා මෙයා තමයි

අවුරුදු 11දී අවුරුදු 50ක ස්ත්‍රී දුෂකයෙක්ගේ බිරිදක් වෙලා - අවාසනාවන්තම ගෑණු ළමයා මෙයා තමයි