තවත් වර්ජනයක් කලින්ම

Report

හෙට දිනයේ පරිපූරක වෛද්‍ය වෘත්තිය වේදීන්ගේ ඒකාබද්ධ මණ්ඩලය විසින් බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කිරීමට තිබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද උදෑසන අටට ගම්පහ මහ රෝහල අබියස දී හදිසියේම ආරම්භ කර තිබේ.

බරපතළ විෂමතාවයන් සහිතව සහ දැඩි විරෝධතා මධ්‍යයේ සකස් කළ "ස්ථාන මාරු නියෝග 2024" ක්‍රියාත්මක කිරීමට පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරිය නියෝග කිරීමත් සමග ඔවුන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දියත් කිරීමට තීරණය කර තිබුණි.

මොන තරම් අසහනයක්ද හිතන්නකෝ, ඔෆිස් එකේ ගෑණු ටොයිලට් එකට යනවා වීඩියෝ කරන්න තරම්

මොන තරම් අසහනයක්ද හිතන්නකෝ, ඔෆිස් එකේ ගෑණු ටොයිලට් එකට යනවා වීඩියෝ කරන්න තරම්

අද උදෑසන ගම්පහ දිස්‍ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂවරයා, පරිපූරක වෛද්‍ය වෘත්තීය නිලධාරීන්ට අත්සන් තැබීම සිදුනොකරන ලෙසට උපදෙස් ලබාදෙමින් නිකුත් කර තිබූ ලිපියක් හේතුවෙන් පරිපූරක වෛද්‍ය සේවාවේ සියලු නිලධාරීන් ගම්පහ රෝහලේ සියලු රාජකාරී කටයුතුවලින් ඉවත් වූ බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය, ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැවසීය.

ආයේ ගුරු සේවයට ගන්නේ මේ අයව විතරයි, අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

ආයේ ගුරු සේවයට ගන්නේ මේ අයව විතරයි, අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

අදාළ ගැටලුව සම්බන්ධයෙන් ගම්පහ මහ රෝහලේ අධ්‍යක්ෂවරයා සමඟ සාකච්ඡා කරමින් සිටින අතර, ඔහු ඊට නිසි පිළිතුරක් ලබාදීමට මේ වනවිටත් අපොහොසත් වී ඇතැයි ද ඒ මහතා කියා සිටියේය. මීට පෙර පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් හෙට (21) දිනයේ සිට බස්නාහිර පළාත් සභාවට අයත් රෝහල් 31ක වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර තිබුණි.

රජය තවත් විශේෂ තීරණයකට

රජය තවත් විශේෂ තීරණයකට