Digital currency හෙවත් විද්‍යුත් මුදල් නීත්‍යානුකූලද? නැද්ද? මුදල් අමාත්‍යංශයට ලිපියක්
අද(19)නව ජනතා පෙරමුණ විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට ලිපියක් භාර දී තිබේ. ඒ විද්‍යුත් මුදල්, (Digital currency) වල නීත්‍යානුකූලභාවය විමසමිනි.
"මායි මල්ලියි ඇදේ නිදාගෙන හිටියේ අම්මා ඇවිත් හැන්දෙන් කිරි දුන්නා කිරි තිත්ත නිසා මම එපා කිව්වා" දරුවන් තිදෙනාට වස දුන් මව
මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට තොරතුරු විමසමින් ලිපිය භාර දී ඇත්තේ, නව ජනතා පෙරමුණේ අවිස්සාවේල්ල ප්‍රධාන සංවිධායක , සීතාවක ප්‍රාදේශිය සභා මන්ත්‍රී නාලක බණ්ඩාර හා අවිස්සාවේල්ල තරුණ කටයුතු ලේකම් දර්ශන හර්ෂනාත් හා බොරැල්ල ආසන සංවිධායක කුෂාන් මදනායක මහතාය.
සීතාවක ප්‍රාදේශිය සභා මන්ත්‍රී නාලක බණ්ඩාර මාධ්‍ය වෙත පවසා සිටියේ වර්තමාන සමාජය තුළ දැඩිව කතා බහට ලක්වී තිබෙන Digital currency වල නීත්‍යානුකූලභාවය පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා මෙම ලිපිය බාර දුන් බවයි.
මෙම Digital currency කලු සල්ලි සුදු කිරීම සඳහා යොදා ගන්නා ක්‍රමවේදයක් බවට සමාජ මතයක් පවතින බැවින් ශ්‍රී ලංකාව තුළ Digital currency භාවිතය පිළිබඳව නීත්‍යානුකූලබභාවය හා අප රට තුළ පිළිගත් මුදල් ඒකකයක් ද යන්න අමාත්‍යංශ ලේකම්වරයාගෙන් පැහැදිලි පිළිතුරක් මේ සඳහා බලාපොරොත්තු වන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.