මාලිමාවේ ප්‍රබල ලොක්කෙක්ගේ කැබ් රථය බිහිසුණු අනතුරකට - රියදුරු හා කුඩා දරුවා රෝහලේ [PHOTO]

Report

අද (17) සවස 2ට පමණ දුංහේන ප්‍රදේශයේදී ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. කේ. ජයසුන්දර මහතා ගමන්ගත් කැබ් රථය ත්‍රිරෝද රථයක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරු සහ ඔහුගේ 8 හැවිරිදි පිරිමි දරුවා තුවාල ලබා ඇල්පිටිය මුලික රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.

අනතුර සිදු වූ කැබ් රථය ද පොලිස් භාරයට ගෙන ඇති අතර කැබ් රථය පැදවූ රියදුරුවද අත්අඩංගුවට ගෙන ඇත. අනතුරට පත් කැබ් රථය ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය යටතේ ලියාපදිංචි කර ඇත.

පිටිගල සිට පැමිණ ඇති අනතුරට ලක්වූ ත්‍රිරෝද රථය කැබ් රථයේ ගැටී මීටර් 50ක පමණ දුරක් ඇදී ගොස් නැවතී ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

මාලිමාවේ ප්‍රබල ලොක්කෙක්ගේ කැබ් රථය බිහිසුණු අනතුරකට - රියදුරු හා කුඩා දරුවා රෝහලේ  | Npp Mp S Cab Involved In Road Accident In Galle

පොලිසියෙන් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ නිවේදනයක් - මාරක අනතුරකින් ප්‍රවේශම් වීමට උපදෙස්

පොලිසියෙන් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ නිවේදනයක් - මාරක අනතුරකින් ප්‍රවේශම් වීමට උපදෙස්