වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්..
ජනාධිපතිවරණයේදී මැතිවරණ රාජකාරි සඳහා නිලධාරින් මුදාහැරීමට සිදුවන බැවින් බස්නාහිර පළාත තුළ ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම බලපත්‍ර කවුලු ලබන 20 වනදා වසා තැබෙන බව බස්නාහිර පළාත් සභාව විසින් දැනුම්දී තිබෙනවා.
එදිනට ආදායම් බලපත්‍ර ලබාගත යුතු වාහන සඳහා ජනාධිපතිවරණයෙන් පසු දඩ මුදලකින් තොරව බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරන බවයි, එහි නියෝජ්‍ය ප්‍රධාන ලේකම් එල්.ඒ. කළුආරච්චි මහතා සඳහන් කළේ.