නිදහස් දිනයේ දුම්රිය ධාවනය ගැන විශේෂ දැනුම්දීමක්.

Sri Lanka Railways Department of Railways Railways
By Wayomi Feb 03, 2024 03:50 AM GMT
Wayomi

Wayomi

Report

හෙට (04) දිනයේ මුහුදුබඩ මාර්ගයේ ධාවනය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දීමක් සිදු කරනවා.

ඒ, අනුව හෙට (04) දිනයේ මුහුදුබඩ මාර්ගයේ ප්‍රධාන දුම්රිය ස්ථාන කිහිපයක නොනවත්වා ධාවනය කිරීමට කටයුතු සැලසුම් කර තිබෙනවා.

මහලේකම් දුම්රිය ස්ථානය, කොල්ලුපිටිය සහ බම්බලපිටිය යන දුම්රිය ස්ථානවල පෙරවරු 05.00 සිට පෙරවරු 09.00 දක්වා මෙලෙස දුම්රිය නොනවත්වන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

හෙට දිනයේ 76 වැනි ජාතික නිදහස් දින උලෙළ ජනාධිපති, අග්‍රාමාත්‍ය ඇතුළු දෙස් විදෙස් ප්‍රභූවරුන්ගේ සහභාගිත්වයෙන් හෙට දිනයේ කොළඹ ගාලු මුවදොර පිටියේ දී උත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට නියමිතයි.

දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ, නිදහස් උත්සවය සඳහා සහභාගි වන ප්‍රභූවරුන්ගේ සහ පෙළපාලිය සඳහා සහභාගි වන ත්‍රිවිධ හමුදා හා පොලිස් භට පිරිස්වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙලෙස දුම්රිය නොනවත්වා ධාවනය කිරීමට සැලසුම් ඇති බවයි.


                                                                                       Sponsored By Sarrita Jewellery

නිදහස් දිනයේ දුම්රිය ධාවනය ගැන විශේෂ දැනුම්දීමක්. | Notification From Railway Department

ReeCha