නොමිලේ වීසා ලබාදීමේ ක්‍රියාවලිය ගැන දැනුම්දීමක්

Report

පසු ගිය දා රජය සංචාරකයන්ට නොමිලේ වීසා ලබාදීමේදී නෛතික ගැටලුවකට මුහුණ දීමට සිදු විය. සංචාරක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා ඒ පිළිබඳව , අනුරාධපුර අද (14) පැවැති වැඩසටහනකට එක්වෙමින් කරුණු කීපයක් අවධාරණය කර තිබේ.

අප්‍රේල් 01 සිට 13.56% කින් විදුලි ගාස්තු වැඩිවීමක් - ලංවීම ඉල්ලයි

අප්‍රේල් 01 සිට 13.56% කින් විදුලි ගාස්තු වැඩිවීමක් - ලංවීම ඉල්ලයි

ඒ අනුව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු සඳහන් කළේ පහත ආකාරයේ අදහසකි.

"චීනය මීට මාස හතරකට කලින් රටවල් 80කට නොමිලේ වීසා ලබා දෙන්න කටයුතු කළා.මේ නිසා අපිට ඕනෑ වුණා, ඕෆ් සීසන් එකේදී වීසා නොමිලේ දෙන්න. අපි මාධ්‍යයට කියලා, විදේශ අමාත්‍යංශවලට දැනුම්දීලා මේ වැඩේ කරන්න ගියාම, තියෙන නීතිමය බාධාවක්.මේ පිළිබඳව නඩුවක් තියෙනවා. මොකද කියනවා නම් කලින් කාලයක මේ වීසා දෙන එක කලින් සමාගමකට විකුණලා ඒ අවශ්‍ය මුදල් රජයට අය වෙන්නේ නැතිව නඩුවක් තියෙනවා. මම ඒ කාරණය කිව්වේ, ඊට පස්සේ මේ නඩුව යනවා යනවා ඉවර වෙන්නෙත් නැහැ. ආයෙත් මෝසමක් දාලා මේ නඩුව ආයෙත් ගන්න හදනවා."

ඉදිරි පැය 36 තීරණාත්මකයි කාලගුණයෙන් දැනුම්දීමක්

ඉදිරි පැය 36 තීරණාත්මකයි කාලගුණයෙන් දැනුම්දීමක්