අප්‍රේල් 01 සිට 13.56% කින් විදුලි ගාස්තු වැඩිවීමක් - ලංවීම ඉල්ලයි
මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු සංශෝධනය වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය මඟින් මහජන උපයෝගීතා කොමිසම් සභාව වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව අදාළ යෝජනාව මඟින් 13.56%ක විදුලි ගාස්තු ඉහළ නැංවීමක් සිදුකරන මෙන් ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලා ඇති බව සඳහන්.
එමෙන්ම අප්‍රේල් 01 සිට ජුනි මස 30 වනදා දක්වා වන කාලය සඳහා මෙම විදුලි ගාස්තු සංශෝධනය ඉල්ලීම් කර ඇති බව වාර්තා වේ.