වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නවතී..කාලසීමාව හා පළාත මෙන්න..

Report

ඉදිරි මහ මැතිවරණය හේතුවෙන් බස්නාහිර පළාතේ සියලුම ආදායම් බලපත්‍ර නිකුත් කරන කවුලු දින දෙකක් වසා තැබීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් එස්. එල්. ධම්මිකා කේ විජයසිංහ මහත්මිය පැවසුවේ, එලැඹෙන 13 සහ 14 දෙදින එම කවුළු වසා තැබීමට පියවර ගන්නා බවයි.

මහ මැතිවරණයෙන් පසු රාජකාරි අරඹන පළමු දිනයේදී දඩ මුදල් අය කිරීමකින් තොර අදාළ බලපත්‍ර ගාස්තුව ගෙවා ආදායම් බලපත්‍රය ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇති බවයි, නිවේදනයක් නිකුත් කරමින් ඇය පැවසුවේ.