"වසංගතයෙන් ජනතාව රැක ගැනීමට ආණ්ඩුවට හයියක් නෑ" හර්තාල් ව්‍යාපාරයෙන් නිවේදනයක..!

covid19 lock down GMOA Hartal movement vame hada
By Sewvandhi Aug 17, 2021 09:37 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ආණ්ඩුවේ නිද්‍රාශීලී වැඩපිළිවෙතට එරෙහිව නගරවල කඩ සාප්පු වසා දැමීමේ හර්තාල් ව්‍යාපාර හරහා ජනතාවගේ ක්‍රියාකාරී විරෝධයක් ගොඩ නගන ඒකාබද්ධ ක්‍රියාකාරිත්වයක් වෙත යොමු වන ලෙස යෝජනා කරන බව ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය ප්‍රමුඛ 'වමේ හඬ' සංවිධානය පවසයි.

නිවේදනයන් නිකුත් කරමින් එම පක්ෂය පවසන්නේ, 350000කට වැඩි කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් සහ 6000කට අධික මරණ සංඛ්‍යාවක් වාර්තා වන මේ මොහොතේ කොරෝනා වසංගතයෙන් ජනතාව බේරා ගැනීමට ආණ්ඩුවට කිසිදු හැකියාවක් නොමැති බවය.

වර්ධනය වෙමින් පවතින කොරෝනා වසංගතය තුළ වෛද්‍ය විශේෂඥයින් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රට වසා දැමීම සම්බන්ධයෙන් සිදු කරනු ලබන ඉල්ලීම්වලට පවා ආණ්ඩුව අවධානය යොමු නොකර සිටින බැවින් ආණ්ඩුව පිළිබඳව ජනතාවගේ විශ්වාසය භංග වී ඇතැයි ද ඔවුන් පවසා තිබේ.

එබැවින් ජනතාව කොරෝනාවෛරසයට මුහුණ දීමේ වගකීම ද තමන් අතට ගෙන ඇතැම් ප්‍රදේශවල සමාජ සංවිධාන මේ වන විටත් කඩ සාප්පු වසා දමමින්, සංචරණය නවතා දමමින් ස්වයං නිරෝධායන පිළිවෙතක නිරත වීම රට පුරා පුළුල් වෙමින් පවතින බවත් එය ආණ්ඩුවට ජනතාව විසින් එල්ල කරනු ලබන බරපතළ ම අභියෝගයක් බවත් ඔවුන් පෙන්වා දී ඇත.

මෙම තත්ත්වය තේරුම් ගනිමින් සියලු වෘත්තීය සමිති ඒකාබද්ධ වෑඩවර්ජන ක්‍රියාවලියක් තුළින් තමන්ගේ හා තම දරුමල්ලන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට යෝජනා කරන බව ද එම සංවිධානය දන්වා ඇත.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGallery