ඔබගේ වාහනයෙත් මේ වගේ දේවල් තියෙනවද...එහෙම නැත්නම් අවසර හිමි වෙනවා..පොලිසියෙන් විශේෂ නිවේදනයක්..!(VIDEO)

Sri Lanka Police Government Of Sri Lanka Sri Lanka Police Investigation Latest Headlines
By Sewvandhi Jan 15, 2025 11:32 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පොලීසිය මගින්, නීතියට අනුකූලව ත්‍රීරෝද රථවල සවිකර ඇති අමතර උපාංග ඉවත් නොකිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව, 2021 වර්ෂයේ නිකුත් කරන ලද අංක 22/40/37 දරන ගැසට් පත්‍රය මගින් ත්‍රීරෝද රථවල අමතර උපාංග සවි කළ හැකි නෛතික රාමුව හා සීමාවන් පිළිබඳව සහ එයට අනුකූලව ත්‍රීරෝද රථවල නීත්‍යානුකූලව සවිකර ඇති කොටස් ඉවත් නොකිරීමට මින් ඉදිරියට පොලීසිය කටයුතු කරනු ඇති.

අද (15) සමස්ත ලංකා ත්‍රීරෝද රථ උපාංග කොටස් නිෂ්පාදකයන් හා අලෙවිකරුවන්ගේ සංගමයේ සාමාජිකයන් සහ පොලිස්පති අතර පැවැති සාකච්ඡාවේදී, මෙම තීරණය ගෙන ඇත.

නීතියට අනුකූල නොවන අන්තරාදායක ආකාරයෙන් සවි කර ඇති කොටස් ඉවත් කිරීමට කටයුතු කරන බවටත් මෙහිදී දැනුම්දී තිබේ.


ත්‍රිරෝද රථ උපාංග කොටස් නිෂ්පාදකයන්ගේ සහ අලෙවිකරුවන්ගේ රැකියා අහිමි කිරීමට ශ්‍රී ලංකා පොලීසිය කිසිවිටකත් කටයුතු නොකරන බවයි,පොලීසිය මෙහිදී වැඩිදුරටත් දැනුම්දුන්නේ.

සීමාවන් පනවා ඇත්තේ මාර්ගය භාවිත කරන සෙසු පුද්ගලයන්ගේ, ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා එහි ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බවටත් දැනුම්දුනි. 

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතා, නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා, රථවාහන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා, පොලිස් ප්‍රවාහන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංජුල මහගිරිල්ල මහතා හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා ඇතුළු උසස් නිලධාරීන් කණ්ඩායමක් මෙම සාකච්ඡාව සඳහා සහභාගී විය.

ReeCha