සැකකරුවන් පිරිසක් හඳුනාගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලයි..(PHOTOS)

Sri Lanka Police Galle Face Protest Sri Lankan protests Sri Lanka Sri Lanka Anti-Govt Protest
By Sithumi Aug 05, 2022 11:51 AM GMT
Sithumi

Sithumi

Report

බත්තරමුල්ල පොල්දූව වටරවුම ආසන්නයේ පැවති උද්ඝෝෂණයේදී කලහකාරී ලෙස හැසිරුණු පිරිස් හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතනවා. කලහකාරීව හැසිරුණු පිරිස් පොලිස් නිලධාරීන්ට හා යුද හමුදා සාමාජිකයන් 26 දෙනෙකුට පහරදී තුවාල සිදු කිරීම, රජයේ දේපළවලට අලාභ හානි කිරීම හා යුද හමුදා සාමාජිකයන් දෙදෙනෙකුගේ ටී 56 ගිනි අවි 2ක් කොල්ලකෑම සම්බන්ධයෙනුයි විමර්ශන සිදුකෙරෙන්නේ.

වැලිකඩ පොලිසිය සහ බස්නාහිර දකුණු දිසාව අපරාධ කොට්ඨාශය මගින් මෙම විමර්ශන සිදුකරනු ලබනවා. ඒ අනුව මෙම සිද්ධියට අදාළව වීඩියෝ සාක්ෂි මත හඳුනා ගන්නා ලද කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයන්ගේ නිශ්චිත අනන්‍යතාවයන් තහවුරු කර ගැනීම සඳහා මහජන සහාය පතන අතර මෙම පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දීමට දුරකතන අංක කිහිපයක් ද හඳුන්වාදී තිබෙනවා.

071 8592209 / 071 3064165 / 0112829388 හෝ 1997 යන අංකවලට තොරතුරු ලබාදිය හැකියි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery