අවසන් දිනය දෙසැම්බර් 30.. විශේෂ නිවේදනයක් නිකුත් කරයි..!

Sri Lanka Army Sri Lanka Police Sri Lanka Politician Ministry of Defense Sri Lanka Latest Headlines
By Sewvandhi Nov 12, 2024 03:55 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ආරක්‍ෂක අමාත්‍යංශය අදාළ පාර්ශ්වයන්ට දැනුම් දීමක් සිදු කරන්නේ, විවිධ ආරක්ෂක හේතූන් මත පොලීසිය සහ යුද හමුදාව විසින් නිකුත් කළ ගිනිඅවි 2024 දෙසැම්බර් මස 30 වනදාට පෙර ළඟම ඇති පොලීසියට භාරදීමට පියවර ගන්නා ලෙසටයි.

ආරක්‍ෂක අමාත්‍යංශය නිරීක්‍ෂණය කර ඇත්තේ, පසුගිය කාලවකවානුවලදී පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ට, පළාත් සභා මන්ත්‍රීවරුන්ට, විවිධ දේශපාලන පක්‍ෂ නායකයින්ට, දේශපාලන සංවිධානවලට මෙන්ම විවිධ තනතුරු දැරූ රජයේ විධායක නිලධාරීන්ට ජීවිත ආරක්‍ෂාව සඳහා ශ්‍රී ලංකා පොලීසියෙන් හා යුද හමුදාවෙන් නිකුත්කර තිබූ පිස්තෝල, රිවෝල්වර් හා පතුරොම් තුවක්කු සැලකිය යුතු ප්‍රමාණයක් ඇති බවටයි.

තවද, මෙම නිකුත්කර ඇති ගිනිඅවි ලබාදුන් පුද්ගලයින්ගේ නාමලේඛනයක් ශ්‍රී ලංකා පොලීසිය සතුවන බවද දැනුම්දෙයි. එම නාමලේඛනයේ නම් සඳහන් පුද්ගලයින්ගේ තොරතුරු විමසා ගිනිඅවි පොලීසිය භාරයට ගැනීමට සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබාදී ඇත.

එබැවින්, නීතිය හා සාමය ආරක්‍ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් කරනු ලබන විමසිම් සඳහා සහයෝගය ලබාදීමට කටයුතු කරන ලෙසත්, තවද දැනටමත් එම ලේඛනයේ නම් සඳහන් පුද්ගලයින් ගිනිඅවි රජයට භාරදී ඇත්නම් ඒ පිළිබඳව සනාථ කරන ලේඛන පොලිස් නිලධාරීන්ට ලබාදීමෙන් සහයෝගය ලබාදෙන ලෙසත් ආරක්‍ෂක අමාත්‍යංශය වැඩිදුරටත් දැනුම්දෙයි.

ReeCha