මෙන්න 340,000 දෙනෙකුට අවස්ථාව...විශේෂ දැනුම්දීමක්..
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ,මෙරට පුරවැසියන් 340,000කට මෙම වර්ෂය තුළදී විදේශ රැකියා අවස්ථා ලබාදීමට අපේක්ෂා කරන බවයි.
එම කාර්යාංශයේ සභාපති කෝෂල වික්රමසිංහ මහතා ,විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අද (23) පැවති නව බලපත්රලාභී විදේශ රැකියා නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් මේ බව පැවසීය.
පසුගිය 2024 වසරේදී 311,000කට විදේශ රැකියා ලබාදී ඇති අතර, එය මෙම වසරේදී 12%කින් වැඩිකරමින් මෙලෙස රැකියා අවස්ථාදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය සැලසුම් සකසා ඇත.
ඒ අනුව නියාමනයන් සිදුකොට නිවැරදිව රැකියා සඳහා ජනතාව විදේශගත කළ යුතු බවයි, සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
එමෙන්ම විදේශ රැකියා බලපත්ර ලබාගත් ඇතැම් ඒජන්සි වංචනික ක්රියාවල යෙදෙන බවට තමන් වෙත තොරතුරු වාර්තා වන බවත්, එවැනි පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා දඬුවම් ලබාදෙන බවත් හෙතෙම පැවසීය.
…………………………………………………………………………
You may like this video 👇