මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් පිරිසකට හදිසි දැනුම්දීමක්..!

Matara Department of Examinations Sri Lanka G.C.E.(A/L) Examination Climate Change Latest Headlines
By Sewvandhi Nov 24, 2024 01:53 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධිකරණ ඒකකය පවසන්නේ, හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් හෙට (25) දිනයේ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට ඊට අවශ්‍ය පියවර ගෙන තිබෙන බවයි.

හෙට දිනයේ ද ගංවතුර තත්ත්වය පැවතුණහොත් උසස් පෙළ විභාහගයට පෙනී සිටින දරුවන්ට සිය විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීම සඳහා අවශ්‍ය නාවික හමුදා බෝට්ටු, ට්‍රැක්ටර් හා යුද හමුදා යුනිබෆර් රථ මෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය සභා සතුව පවතින බෝට්ටු හා ට්‍රැක්ටර් රථද අවශ්‍ය පරදි යෙදවීමට සුදානම් කොට ඇති බවයි, එම ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ලුතිතන් කර්නල් කැළුම් කුඩාගමගේ මහතා පැවසුවේ.

එමෙන්ම, කිසියම් ආපදා තත්ත්වයක් හමුවේ විභාගය සඳහා ගමන් කිරීමට ගැටලුවක් පවතින්නේ නම් පැය 24 පුරා ක්‍රියාත්මක 0412 234 134 දුරකථන අංකයට දුරකථන ඇමතුමක් ලබා දී අවශ්‍ය සහාය ලබා ගැනීමට කටයුතු කරන ලෙසටද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කෙසේ නමුත ඊයේ (23) රාත්‍රියේ සිට අද (24) පස්වරු 4.00 දක්වා කාලය තුළ මාතර දිස්ත්‍රික්කයේ කිසිදු ප්‍රදේශයකට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී නොමැති බව වාර්තා වේ.

ඒ අනුව මාතර ආපදා කළමනාකරණ ඒකකය පවසන්නේ, මාතර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට ඇඳහැළුණු අධික වර්ෂාවත් සමග මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ඇතිවූ සුළු ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවයි.

ReeCha