විවිධ මාදිලියන්ට අයත් අධිබලැති මිසයිල 10ක් උතුරු කොරියාව එක වර අත්හදා බලයි..
North Korea
By krishani
අධිබලැති මිසයිල 10ක් එකවර අත්හදා බැලීමට උතුරු කොරියාව පියවර ගෙන ඇත.
ඒ එරට නැගෙනහිර සහ බටහිර වෙරළ තීරයන්හි දී බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එම මිසයිල අතරින් කෙටි දුර විහිදුම් මිසයිලයක් දකුණු කොරියානු ජාත්‍යන්තර මුහුදු සීමාවට පතිත වී ඇති අතර ඒ සමග එරට ප්‍රදේශ කිහිපයක ගුවන් ආරක්ෂක නලා ක්‍රියාත්මක වී ඇත.
කොරියානු අර්ධද්වීපය උතුරු සහ දකුණු කොරියාව ලෙස වෙන් වීමෙන් පසු උතුරු කොරියාව දියත් කළ මිසයිලයක් දකුණු කොරියානු පරිපාලන ප්‍රදේශයට පතිත වූ පළමු අවස්ථාව මෙය විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |