අයවැයෙන් වාහන ආනයනයට සහන නැති නිසා වාහන මිලට සිදුවෙන දේ ගැන අනාවරණයක්
මෙවර අයවැයෙන් වාහන ආනයනයට අදාළව කිසිදු බදු සහනයක් නොලැබීම සම්බන්ධයෙන් වාහන ආනයනකරුවන් පිරිසක් මුදල් අමාත්‍යාංශයෙන් කරුණු විමසීමක් කර තිබේ.
අයවැයෙන් එවැනි සහනයක් අපේක්ෂා කළ ද එය නොලැබුණු බැවින් ඉදිරියේදී වාහනවල මිල ගණන් කිසිසේත්ම අඩු නොවන බව වාහන ආනයනකරුවෝ පෙන්වා දෙති.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වාහන ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති අරෝෂ රොද්‍රිගූ මහතා සඳහන් කළේ, වාහන ආනයනය සඳහා සහනයක් ලබා නොදෙන්නේ කුමන හේතුවක් මතද යන්න පිළිබඳව තම සංගමය මුදල් අමාත්‍යාංශයෙන් විමසීමක් කළ බවයි.
එම විමසීමේදී මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය සහ රටේ විදේශ විනිමය හෙවත් ඩොලර් සංචිතය සම්බන්ධව පවතින තත්ත්වය පිළිබඳව මුදල් අමාත්‍යාංශය කරුණු ඉදිරිපත් කළ බව ඔහු පැවසීය.
ඒ අනුව වාහන සඳහා මේ වන විටත් බලපැවැත්වෙමින් තිබූ අධිභාර සහ අනෙකුත් බදු තවදුරටත් නොවෙනස්ව පවතින බැවින් වාහන මිල ගණන්වල කිසිදු අඩුවීමක් සිදු නොවන බව අරෝෂ රොද්‍රිගූ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.