ඉන්දියාවට යන එන අයට සුපිරි ආරංචියක් - Tourist Visa වෙනුවට අලුත්ම 'Visitor Visa' කාණ්ඩයක්- ඉන්දියාව වීසා ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කරයි
විදේශිකයින්ට ඉන්දියාවට ඇතුළුවීමේ ක්‍රියාවලිය වඩාත් පහසු කිරීමේ අරමුණින් එරට වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය පුළුල් ලෙස සංශෝධනය කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව, දැනට ක්‍රියාත්මක ප්‍රධාන වීසා කාණ්ඩ 13, කාණ්ඩ 9ක් දක්වාත්, උප කාණ්ඩ 49, උප කාණ්ඩ 23ක් දක්වාත් අඩු කිරීමට නියමිත බවයි .
ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ. සංචාරක, වෛද්‍ය, අධ්‍යාපන, පර්යේෂණ සහ ව්‍යාපාරික කටයුතු සඳහා ඉන්දියාවට පැමිණෙන විදේශිකයින්ට වීසා ලබා ගැනීමේ ක්‍රියාවලිය සරල කිරීම මෙම සංශෝධනවල ප්‍රධාන අරමුණ වී තිබෙනවා.
නව ක්‍රමවේදය යටතේ වීසා අයදුම්පත් සඳහා අවශ්‍ය තොරතුරු ප්‍රමාණය ද සියයට 65ත් 70ත් අතර ප්‍රමාණයකින් අඩු කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.
සංචාරක වීසා වෙනුවට Visitor Visa
මෙම සංශෝධන අතරින් විශේෂ අවධානයක් යොමුව ඇත්තේ මෙතෙක් පැවති Tourist Visa කාණ්ඩය වෙනුවට නව Visitor Visa කාණ්ඩයක් හඳුන්වාදීමට ගෙන ඇති තීරණයයි. නව වීසා කාණ්ඩය යටතේ සාමාන්‍ය සංචාරවලට අමතරව ව්‍යාපාරික සාකච්ඡා, වෛද්‍ය උපදේශන, සුවතා වැඩසටහන් සහ කෙටිකාලීන අධ්‍යාපන කටයුතු සඳහා ද ඉන්දියාවට පැමිණීමට අවස්ථාව හිමිවනවා.
Visitor Visa කාණ්ඩය V-1 සහ V-2 ලෙස උප කාණ්ඩ දෙකකට වෙන්කර තිබෙනවා. V-1 වීසා බලපත්‍රය දින 30ක කාලයක් සඳහා නිකුත් කිරීමට නියමිත අතර, එම කාලය තුළ කිහිපවරක් ඉන්දියාවට ඇතුළුවීමට අවසර හිමිවනවා. ඉන්දියානු භාෂා, සංගීතය, කලා හා ශිල්ප මෙන්ම කෙටිකාලීන යෝගා පාඨමාලා හැදෑරීම සඳහා ද මෙම වීසා කාණ්ඩය භාවිත කළ හැකියි.
V-2 වීසා බලපත්‍රය සුදුසුකම් අනුව වසරක, වසර පහක හෝ වසර දහයක වලංගු කාලයක් සහිතව නිකුත් කිරීමට සැලසුම් කර තිබෙනවා. එමෙන්ම කඳු නැගීමේ ක්‍රියාකාරකම් සඳහා ද මෙම වීසා කාණ්ඩය යටතේ අවස්ථාව හිමිවන අතර, ඒ සඳහා මාස හයක බහු ප්‍රවේශ වීසා පහසුකමක් ද හඳුන්වා දීමට නියමිතයි.
වෛද්‍ය ප්‍රතිකාර සඳහා නව වීසා පහසුකම්
වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඉන්දියාවට පැමිණෙන විදේශිකයින් වෙනුවෙන් ලබාදෙන වීසා බලපත්‍රවල වලංගු කාලය වසරක් දක්වා දීර්ඝ කිරීමට ද ඉන්දීය රජය සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව, සාමාන්‍ය වෛද්‍ය ප්‍රතිකාර සඳහා M-1 වීසා කාණ්ඩයත්, ආයුර්වේද ඇතුළු AYUSH ප්‍රතිකාර ක්‍රම සඳහා M-3 වීසා කාණ්ඩයත් හඳුන්වා දීමට නියමිතයි.
මෙම වීසා යටතේ වසරක කාලයක් තුළ කිහිපවරක් ඉන්දියාවට ඇතුළුවීමට අවසර හිමිවනවා.
එමෙන්ම ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන් සමඟ පැමිණෙන සහායකයින් වෙනුවෙන් M-2 සහ M-4 යන වීසා කාණ්ඩ ද වෙන්කර තිබෙනවා.
මෙමඟින් දිගුකාලීන වෛද්‍ය ප්‍රතිකාර, නැවත පරීක්ෂණ සහ ශල්‍යකර්ම සඳහා ඉන්දියාවට පැමිණෙන විදේශිකයින්ට වැඩි පහසුවක් සැලසෙනු ඇති බවයි. ඉන්දීය රජය පෙන්වා දෙන්නේ. විදේශීය සිසුන්ටත් නව වීසා ක්‍රමවේදයක් අධ්‍යාපන කටයුතු සඳහා ඉන්දියාවට පැමිණෙන විදේශීය සිසුන් වෙනුවෙන් ද නව වීසා සංශෝධන හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව, පාසල්, උපාධි සහ පශ්චාත් උපාධි අධ්‍යාපනය සඳහා S-1 වීසා කාණ්ඩයත්, ආචාර්ය උපාධි, පර්යේෂණ, සීමාවාසික පුහුණු සහ ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් සඳහා S-2 වීසා කාණ්ඩයත් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
විශේෂයෙන්ම Study in India වැඩසටහන යටතේ ඉන්දීය අධ්‍යාපන ආයතනවලට ඇතුළත් වන විදේශීය සිසුන්ට වසර පහක් දක්වා හෝ අදාළ පාඨමාලාවේ කාලසීමාව අවසන් වනතුරු e-S1 වීසා බලපත්‍රයක් ලබා ගැනීමට අවස්ථාව හිමිවනවා.
ව්‍යාපාරික වීසා කාණ්ඩයත් ප්‍රතිව්‍යුහගත කෙරේ
නව සංශෝධන යටතේ ව්‍යාපාරික වීසා කාණ්ඩය ද B-1 සහ B-2 ලෙස උප කාණ්ඩ දෙකකට ප්‍රතිව්‍යුහගත කර තිබෙනවා.
ඉන්දියාවේ ව්‍යාපාර ආරම්භ කිරීම සහ දිගුකාලීන ආයෝජන කටයුතු සඳහා B-1 වීසා බලපත්‍රය හඳුන්වා දී ඇති අතර, කෙටිකාලීන ව්‍යාපාරික කටයුතු, සම්මන්ත්රණ, ක්‍රීඩා, සංස්කෘතික වැඩසටහන් සහ චිත්‍රපට රූගත කිරීම් සඳහා B-2 වීසා බලපත්‍රය භාවිත කිරීමට නියමිතයි.
ඉන්දීය සමාගම්වල සේවය සඳහා පැමිණෙන විදේශීය ඉංජිනේරුවන්, තාක්ෂණික විශේෂඥයින් සහ අනෙකුත් වෘත්තිකයින්ට ද B-2 කාණ්ඩය යටතේ විශේෂ වීසා පහසුකම් සැලසීමට සැලසුම් කර තිබෙනවා.
නව වීසා ක්‍රමවේදය 2026 අවසන් වනවිට
මේ වනවිට ඉන්දියාවේ විද්‍යුත් වීසා (e-Visa) පහසුකම රටවල් 172ක පුරවැසියන් සඳහා ක්‍රියාත්මක වන අතර, නව වීසා ක්‍රමවේදයට ගැළපෙන පරිදි එරට තොරතුරු තාක්ෂණ පද්ධති යාවත්කාලීන කිරීමේ කටයුතු ද ආරම්භ කර තිබෙනවා.
ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ සංශෝධිත වීසා ක්‍රමවේදය යටතේ වීසා නිකුත් කිරීම 2026 වසර අවසන් වනවිට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි.
නව ක්‍රමවේදය යටතේ ව්‍යාපාරික, රාජ්‍යතාන්ත්‍රික, රැකියා, මාධ්‍යවේදී, වෛද්‍ය, නිල, ශිෂ්‍ය, සංචාරක සහ විවිධ කටයුතු සඳහා වන වීසා ලෙස ප්‍රධාන කාණ්ඩ නවයක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මෙම සංශෝධන හරහා වීසා ලබා ගැනීමේදී විදේශිකයින් මුහුණ දෙන පරිපාලනමය සංකීර්ණතා අවම කරමින් ඉන්දියාවේ සංචාරක, අධ්‍යාපන, සෞඛ්‍ය සහ ආයෝජන ක්ෂේත්‍ර තවදුරටත් ප්‍රවර්ධනය කිරීම ඉන්දීය රජයේ අපේක්ෂාව වී තිබෙන