න්‍යෂ්ටික අවි ගැන තීරණාත්මක සාකච්ඡාවකට ලෝක බලවතුන් සැරසෙයි - ට්‍රම්ප්, පුටින් සහ ෂී ජින්පින්ගේ ඓතිහාසික හමුවේ අරමුණ කුමක්ද?

Report

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් ලබන සතියේ චීනයේදී විශේෂ ත්‍රෛපාර්ශ්වික හමුවකට සහභාගී වීමට සැලසුම් කර ඇති බව ධවල මන්දිරය නිවේදනය කර තිබෙනවා.

ලොව ප්‍රබලතම රටවල් තුනක රාජ්‍ය නායකයන් මෙලෙස එකම අවස්ථාවක හමුවීම ඓතිහාසික සිදුවීමක් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

චීනයේ ෂෙන්සෙන් නගරයේ පැවැත්වෙන ආසියා පැසිෆික් ආර්ථික සහයෝගිතා (APEC) සමුළුවට සහභාගී වීම සඳහා ට්‍රම්ප් එරටට පැමිණෙන අතරතුර මෙම හමුව පැවැත්වීමට නියමිතයි.

ධවල මන්දිර ප්‍රකාශිකා ඔලිවියා වේල්ස් මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කර ඇත්තේ ලොව පුරා න්‍යෂ්ටික අවි අඩු කිරීම ඇතුළු වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට ට්‍රම්ප් අපේක්ෂා කරන බවයි.

දියමන්ති 3,150කින් හැඩවුණු මිස් යුනිවර්ස් නව කිරුළ ලොවම මවිත කරමින් එළිදකියි - වසර 75ක අභිමානවත් ඉතිහාසයත් එහි සනිටුහන් වෙයි

දියමන්ති 3,150කින් හැඩවුණු මිස් යුනිවර්ස් නව කිරුළ ලොවම මවිත කරමින් එළිදකියි - වසර 75ක අභිමානවත් ඉතිහාසයත් එහි සනිටුහන් වෙයි

න්‍යෂ්ටික අවි ව්‍යාප්ත වීම ඉතා භයානක තත්ත්වයක් බව ජනාධිපති ට්‍රම්ප් විශ්වාස කරන බව ද ඇය සඳහන් කර තිබෙනවා.

එමෙන්ම ඉරානය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බවට වාර්තා පළවුවත්, යුක්රේනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අපේක්ෂා නොකරන බවයි වාර්තා වන්නේ.

මෙම හමුව සම්බන්ධයෙන් රුසියාව ද තහවුරු කර ඇති අතර චීනය මෙතෙක් ඒ පිළිබඳ නිල ප්‍රතිචාරයක් දක්වා නැහැ.

කෙසේ වෙතත්, මෙම සාකච්ඡාවලින් අනතුරුව නිශ්චිත එකඟතාවකට එළඹෙනු ඇතැයි අපේක්ෂා නොකරන බව ඇමෙරිකානු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් AP සහ Reuters පුවත් සේවා වාර්තා කර තිබෙනවා.

ලබන බදාදා රාත්‍රියේ ට්‍රම්ප් ෂෙන්සෙන් නගරයට පැමිණීමට නියමිත අතර, එහිදී දින දෙකක් පුරා පැවැත්වෙන APEC සමුළුවට සහභාගී වනු ඇති.

ඊට අමතරව බ්‍රහස්පතින්දා චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට ද ඔහු සහභාගී වීමට නියමිතයි. 2025 වසරේදී යළි ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ට්‍රම්ප් සහ ෂී ජින්පින් අතර පැවැත්වෙන සිව්වැනි හමුව මෙය වනු ඇති බව සඳහන්.

මේ අතර, ඇමෙරිකාව සහ රුසියාව අතර ක්‍රියාත්මක වූ න්‍යෂ්ටික අවි පාලනය පිළිබඳ ගිවිසුම පසුගිය පෙබරවාරි මාසයේදී අවසන් වීමත් සමඟ ලොව විශාලතම න්‍යෂ්ටික අවි ගබඩා දෙක සඳහා පැවති ප්‍රධාන සීමා කිරීම් ද අවසන් වී තිබෙනවා.

එලොන් මස්ක්ගේ සහායත් ලැබෙයිද? - ජෙන්සන් හුවාං යළි එන්වීඩියා පුටුවට එන ලකුණු

එලොන් මස්ක්ගේ සහායත් ලැබෙයිද? - ජෙන්සන් හුවාං යළි එන්වීඩියා පුටුවට එන ලකුණු

එවැනි පසුබිමක නව න්‍යෂ්ටික අවි පාලන රාමුවක් ඇති කර ගැනීමේ අවශ්‍යතාව එක්සත් ජාතීන්ගේ සංවිධානය ද අවධාරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, චීනය ද ඇතුළත් වන නව ගිවිසුමක් ඇති කර ගැනීමට තමන් කැමැත්තෙන් සිටින බව ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

චීනය සිය න්‍යෂ්ටික අවි සංචිතය වේගයෙන් පුළුල් කරමින් සිටීම හේතුවෙන් එවැනි එකඟතාවකට පැමිණීම අභියෝගාත්මක විය හැකි බවට ද විශ්ලේෂකයන් පෙන්වා දී තිබෙනවා.

රුසියාව 2022 වසරේදී යුක්රේනයට පූර්ණ පරිමාණ ආක්‍රමණයක් ආරම්භ කිරීමෙන් පසු බටහිර රටවල සම්බාධක හමුවේ චීනය රුසියාවේ ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවෙකු බවට පත්ව තිබෙනවා.

එමෙන්ම ඉරානය සමඟ චීනය පවත්වාගෙන යන සමීප වෙළෙඳ සබඳතා සහ ඉරාන යුද්ධය සම්බන්ධයෙන් ද මෙම රාජ්‍ය නායක හමුවේදී අවධානය යොමු විය හැකි බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් වනවා.

ප්‍රංශය ඇවිලෙයි - රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ පුපුරා යාමත් සමඟ රට පුරා ගිනි තැබීම් සහ කොල්ලකෑම් රැසක්

ප්‍රංශය ඇවිලෙයි - රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ පුපුරා යාමත් සමඟ රට පුරා ගිනි තැබීම් සහ කොල්ලකෑම් රැසක්