රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනික පාඨමාලා ගැන තීරණයක්?. අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් අද කළ දෙය මෙන්න..

Report

අද (15) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් රැස්ව තිබෙනවා.

ඒ මෙරට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල ප්‍රමිතිය හා ගුණාත්මකභාවය සොයා බැලීම සම්බන්ධයෙන් පත් කර ඇති තත්ව ආරක්ෂණය හා ප්‍රතීතනය සම්බන්ධ ස්ථාවර කමිටුවයි.

ඉදිරි පැය 24 ලේසි වෙන එකක් නෑ.. ලැබුණ නවතම කාලගුණ නිවේදනය මෙන්න..

ඉදිරි පැය 24 ලේසි වෙන එකක් නෑ.. ලැබුණ නවතම කාලගුණ නිවේදනය මෙන්න..

රජයෙන්, බැංකු ගිණුමටම බැර කරන්න යන මුදල් ලබා දීම.. කාලය සහ ලැබෙන පිරිස මෙන්න..

රජයෙන්, බැංකු ගිණුමටම බැර කරන්න යන මුදල් ලබා දීම.. කාලය සහ ලැබෙන පිරිස මෙන්න..

එහි නව සාමාජිකයන් පත් කිරීමෙන් පසුව ප්‍රථම වරට අද අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී රැස් විණ.

මෙම කමිටුවේ සභාපති අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව ය. 

එහිදී අග්‍රාමාත්‍යවරිය පවසා ඇත්තේ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනික පාඨමාලාවල ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය ප්‍රශස්ත මට්ටමකින් පවත්වාගෙන යා යුතු බවයි.

එමෙන්ම, ඒ සදහා එම අධ්‍යාපන ආයතන ද ර‍ජයේ අනෙකුත් අධ්‍යාපන ආයතන මට්ටමට සාධනීය අයුරින් ගෙන ඒම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට අදාළව යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කරන ලෙස අග්‍රාමාත්‍යවරිය සදහන් කර තිබෙනවා.

You May Like This Video👇