සී.ඩී. වික්‍රමරත්නගේ මරණ විමර්ශනය පොලිස් ලොක්කන් 10 දෙනෙකුගෙන් ප්‍රකාශ ගනී

Report

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙඩි වැදීමකින් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 10 දෙනෙකුට වැඩි පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත කොළඹ දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා හරහා ලබාදුන් විශේෂ නියෝගයකට අනුව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය විසින් මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

අබිරහසක් ඉතිරි කරමින් මිය ගිය හිටපු පොලිස්පතිගේ මරණ පරීක්ෂණය ගැන විශේෂ තීරණයක්

අබිරහසක් ඉතිරි කරමින් මිය ගිය හිටපු පොලිස්පතිගේ මරණ පරීක්ෂණය ගැන විශේෂ තීරණයක්

ඊට අමතරව, නුගේගොඩ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් සහ නුගේගොඩ සහකාර පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ මාලඹේ පොලිස් ස්ථානය මගින්ද වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.

මේ අතර, හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ අවසන් කටයුතු ලබන 20 වැනි සඳුදා පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබේ.

පොලිසිය සඳහන් කළේ, ඒ මහතාගේ දේහය හෙට (19) සිට බොරැල්ල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කිරීමට නියමිත බවයි. සී.ඩී. වික්‍රමරත්න මහතා ඊයේ (17) උදෑසන මාලඹේ තලහේන ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී වෙඩි වැදීමකින් මියගොස් තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් මරණයට හේතුව සහ අනෙකුත් කරුණු අනාවරණය කර ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතී. මියයන විට සී.ඩී. වික්‍රමරත්න මහතා 63 වැනි වියේ පසුවිය.

හිටපු පොලිස්පති CDගේ මරණය ගැන තොරතුරු රැසක් එළියට - පුතා ලේලි නිසා ලොකු අවුලක ඉදලා

හිටපු පොලිස්පති CDගේ මරණය ගැන තොරතුරු රැසක් එළියට - පුතා ලේලි නිසා ලොකු අවුලක ඉදලා