දේශපාලනඥයන් පොලිස් සේවයට රිංගවනවා- විපක්ෂයේ කවුරුත් සතුරන් නෙමෙයි දයාසිරි පාර්ලිමේන්තුව උණුසුම් කරයි

Report

සෝලා වලින් වැඩ කරපු අයට ආණ්ඩුව ගෙවන්න තියන බවත්   ඔවුන්ට ඔවුන්ගේ ක්‍රියාදාමය ඉදිරියට ගෙනයාමට නොහැ තත්වයක පවතින බවත්   පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා සදහන් කර තිබේ

ඔහු තව දුරටත් සදහන් කරන්නේ මෙවන් අදහසක්

'' පුනර්ජනනීය බලශක්තිය තමුන්නාන්සේලාගේ විශාලම බලාපොරොත්තුව වුණේ 20230 වෙද්දී 70% කට මේක ගෙනියන්න අද වනවිට මෙගාවෝට් 700ක් වහල මත තියනවා බිම් මට්ටමේ මෙගාවෝට් 400 කට වැඩි පිරිසක් තියනවා . බිලියන 20ක් සෝලා වලින් වැඩ කරපු අයට ආණ්ඩුව ගෙවන්න තියනවා ඒ අය කොහොමද තමන්ගේ ක්‍රියාදාමය ඉදිරියට ගෙනියන්නේ සමහර අය කෙලින්ම ණය අරගන තියනවා .

මේ අය බිලියන 20 ක් බෙදන්න තියනවා මාස 6 කට වඩා පරක්කුයි .ටෙන්ඩර් කැදවීම් පරක්කුයි මේ විදිහට පුනර්ජනනීය බලශක්තිය කරන අය ශක්තිමත් කරන්නේ කෝමද?

 අපි ඉල්ලීමක් කරනවා ඇමතිතුමාගෙන් මේ වැට් බද්ද අඩු කරන්න නැත්නම් අඩු කරන්න . ජනාධිපති තුමා හම්බෙන්න ඒ ගොල්ලො ඉල්ලලා තිබ්බ ඒත් දීලා නෑ මාස 5 කට පස්සේ ජනාධිපතිතුමා ඇවිල්ලා හරි විහිළු කතාවක් කිව්වා විපක්ෂයේ සියළු දෙනා සතුරන් කියනවා

කවුද හතුරෝ රවී සෙන්විරත්න  ,ශානි අබේසේකර සතුරෙක්    ,ආනන්ද විජේපාල  සතුරෙක් දිලීප පීරිස් සතුරෙක්  කියලා  අපිට කිසි කෙනෙක් සතුරෙක් නෙමේ.

  දේශපාලන කරපු අය ගෙනල්ලා මේ රටේ පොලිස් සේවයට ඇතුල් කරලා . කවුද ඉතිහාසයේ මෙහෙම කළේ

කපිල චන්ද්‍රසේන බෙල්ලේ වැල දාගත්තා ඊයේ දෙන්නෙක් අත් අඩංගුවට ගත්තා මේක ඩුබායි වෙච්ච දෙයක් මෙහෙ සාක්ෂියකට ඒක ගැන මම වැඩියෙන් කතා කරන්නේ නෑ "