සමාජ මාධ්‍ය වීඩියෝ සඳහා යුද හමුදා ඇදුම් භාවිතා කරන්න එපාලු!
By Shehan
වර්තමානයේ සමාජ මාධ්‍යවල ජනප්‍රිය යෙදවුම් ඔස්සේ රූප රචනා, ගීත, සහ කෙටි වීඩියෝ සඳහා යුද හමුදා නිල ඇඳුම් අනුමැතියකින් තොරව භාවිත කිරීමේ ප්‍රවණතාවක් පැන නැගී ඇති බව යුද හමුදා මූලස්ථානය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ, මෙම ක්‍රියාකාරකම් හේතුවෙන් යුද හමුදාවේ ගෞරවයට හානි සිදුවන බවයි.
යුද හමුදා නිල ඇඳුම් අවසරයකින් තොරව මෙලෙස නිර්මාණ කටයුතු සඳහා භාවිත කිරීම නීතිවිරෝධී වුවත්, බොහෝ දෙනා නොදැනුවත්කම නිසා මෙවැනි ක්‍රියාවන්හි යෙදෙන බව එම නිවේදනයේ දැක්වේ.
මෙලෙස නොදැනුවත්කමින් සිදුකෙරෙන ක්‍රියා හේතුවෙන්, මව්බිම වෙනුවෙන් ජීවිත සහ ශරීර කොටස් පූජා කළ හමුදා සාමාජිකයින් ආඩම්බරයෙන් පැළඳි නිල ඇඳුම හෑල්ලුවට ලක්වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.