අපි රටකට බලහත්කාරයෙන් නීති දාන් නෑ - තීරණය ඔබේ අතේ - IMF එකෙන් ලංකාවට දැනුම්දීමක්
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නව වැඩසටහනකට යන්නේද යන්න තීරණය කිරීම ශ්‍රී ලංකා රජය සතු කාර්යයක් බව IMF ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ පවසා ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඔහු මේ බව කියා ඇත්තේ, ශ්‍රී ලංකාවේ IMF වැඩසටහනේ හත්වැනි සමාලෝචනය සම්බන්ධයෙන් පැවති සාකච්ඡා අවසන් කරමින් බව සඳහන්.
ඒ අනුව ශ්‍රී ලංකාව මේ වනවිට IMF සමඟ පවතින විස්තීරණ ණය පහසුකම් වැඩසටහන යටතේ සමාලෝචන දෙකකට මුහුණදීමට නියමිතව ඇත.
එසේම හත්වැනි සමාලෝචනය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන අතර, අටවැනි සමාලෝචනයද ඉදිරියේදී පැවැත්වීමට නියමිතයි.
රත්තරන් ගන්න පොරකන තරමට අඩු වුණ අද රන් මිල - පවුම් භාගයක් ගන්න හිතපු අයට පවුමක්ම ගන්න හිතෙන අලුත්ම රන් මිල ගණන් මෙන්න
එබැවින් IMF ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානියා සඳහන් කර ඇත්තේ IMF වැඩසටහනක් යනු රටකට බලහත්කාරයෙන් පනවන නීති මාලාවක් නොවන බවයි.
ඔහු පෙන්වා දෙන්නේ රටේ බලධාරීන් අපේක්ෂා කරන අරමුණු මත එය ගොඩනැගිය යුතු බවයි.
එසේම නව වැඩසටහනක් නොමැතිව වුවද වාර්ෂික IV වැනි සමාලෝචන, තාක්ෂණික සහාය සහ මූල්‍ය අංශ ඇගයීම් ඔස්සේ ශ්‍රී ලංකාවට සහාය ලබාදිය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර ඇත.
මෙරට හත්වැනි සමාලෝචනය සම්බන්ධයෙන් පැවති සාකච්ඡා අවසන් වූවත්, මෙතෙක් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ නොමැති බව ද වාර්තා වේ.