ශ්‍රී ලංකාවේ නව චීන තානාපති සහ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන අතර විශේෂ හමුවක්

Report

ශ්‍රී ලංකාවේ නව චීන තානාපති Wei Huaxiang සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් පවත්වා තිබේ.

හිටපු ජනාධිපතිවරයාගේ නිවසේදී පැවති මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව සාකච්ඡා කර ඇත.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය මෙන්ම ගෝලීය වශයෙන් පවතින තත්ත්වයන් සම්බන්ධයෙන්ද දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු වී තිබේ.

තමන් ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ කාලය තුළ චීනය සමඟ පවත්වාගෙන ගිය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ එම කාලය තුළ ඇති වූ මතකයන් පිළිබඳවද මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී සිහිපත් කළ බව සඳහන් වේ.

ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව ඉදිරියේදී තවදුරටත් ශක්තිමත් වනු දැකීමට තමන් බලාපොරොත්තු වන බවද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

තත්ත්වය දරුණු අතට - ඉදිරි පැය 24ත් භයානකයි - ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කරයි

තත්ත්වය දරුණු අතට - ඉදිරි පැය 24ත් භයානකයි - ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කරයි

මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ අනන්‍යතාව ගැන සමාජ මාධ්‍යයේ උණුසුම් කතාබහක් - අශෝක හඳගමත් වෙනස් කතාවක් කියයි

මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ අනන්‍යතාව ගැන සමාජ මාධ්‍යයේ උණුසුම් කතාබහක් - අශෝක හඳගමත් වෙනස් කතාවක් කියයි