බෙංගාල බොක්ක කැළඹූ ගැඹුරු පීඩන අවපාතය ගැන සුළු මොහොතකට පෙර නිවේදනයක් - නැවත දැනුම් දෙනතුරු මේ ප්‍රදේශවලින් වහාම ඉවත්වන්නැයි දන්වයි
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ඉදිරි පැය 12 සඳහා වලංගු වන ලෙස අද(25) දින පෙ.ව. 10.00 ට නිකුත් කර ඇත.
ඒ බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහු දින ධීවර යාත්‍රා සඳහායි. ක්‍රියාත්මක වන්න යනුවෙන් දන්වා ඇති එහි දකුණු ඔඩිෂා ප්‍රදේශය ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය උතුරුට බරව වයඹ දෙසට ගමන් කර, පීඩන අවපාතයක් දක්වා දුර්වල වී, අද (2026 සැප්තැම්බර් 25) උදෑසන 05:30 වන විට උතුරු අක්ෂාංශ 20.5° සහ නැගෙනහිර දේශාංශ 82.5° ආසන්නයේ, නුවා පාඩා (ඔදූෂා) අසල කේන්ද්‍රගතව පැවතුණ බව සඳහන්.
ඉන් පසුව ඉදිරි පැය 24 තුළ ද මෙය උතුරට බරව වයඹ දෙසට දිගටම ගමන් කරමින් ක්‍රමයෙන් දුර්වල වීමට බොහෝ දුරට ඉඩ ඇති බව සඳහන්.
උදෑසන 5.30 ට නිකුත් කරන ලද නිවේදනයක් - බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතයට අද සිට වෙන දේ ලංකාවටම දන්වයි
ඒ අනුව පහත සිතියමේ "Warning" කාණ්ඩය යටතේ ලකුණු කර ඇති මුහුදු ප්‍රදේශවල, ගිගුරුම් සහිත තද වැසි ඇතිවන අතර, සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 70 දක්වා වැඩි වීමත් සමඟ එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වන බව සඳහන්.
එමෙන්ම පහත සිතියමේ " Advisory" කාණ්ඩය යටතේ ලකුණු කර ඇති මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (55-65) දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු වේ.
තවද උතුරු අක්ෂාංශ 12°N ත් 22°N ත් සහ නැගෙනහිර දේශාංශ 82°E ක් 90°E ත් අතර මුහුදු ප්‍රදේශ වල, නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කටයුතු වලින් වැළකී සිටින ලෙස දැනුම් දෙනු ලැබේ.
එසේම මේ වන විට එම ප්‍රදේශයේ ධීවර කටයුතුවල යෙදී සිටි නම් එම මුහුදු ප්‍රදේශවලින් ඉවත්වන ලෙසත් උපදෙස් දී ඇත.
ඊට අමතරව ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරි නිවේදන සහ අනාවැකි සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසත් ඉල්ලා සිටියි.
මේ පාසල් කළින්ම වහද්දි හෙට මේ පාසල්වලට නිවාඩු - දැඩි අයහපත් කාලගුණය නිසා දිවයින පුරා පාසල්වලට විශේෂ දැනුම්දීමක්
