ගියපු නැති බියගුල්ලන් සිටී නම් කරුණාකර දැන්ම යන්න.. වෙච්ච ලෝක ලැජ්ජාවට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට සැසිය මැද මල පනී
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඊයේ(24) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී සිය දේශනය ආරම්භ කරන විට දුසිම් ගණනක් නියෝජිතයින් රැස්වීම් ශාලාවෙන් පිටව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ගාසා තීරයේ ජන සංහාරක යුද්ධය සම්බන්ධයෙන් මෙවර සමුළුවේදී ඊශ්‍රායලය ලෝක නායකයින්ගෙන් වැඩි වැඩියෙන් විවේචන එල්ල වන අතරතුර නෙතන්යාහුගේ කතාව සිදුව ඇත.
කෙසේ වෙතත් පිටව යාමට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල අගමැති සඳහන් කර ඇත්තේ, "ශාලාවෙන් ඉවත් නොවූ වෙනත් සදාචාරාත්මක බියගුල්ලන් සිටී නම්, කරුණාකර දැන්ම එසේ කරන්න." යනුවෙන්.
එසේම ඊශ්‍රායලය ගාසා තීරයේ ජන සංහාරයක් සිදු කරන බවට එල්ල වන චෝදනා ද ඊශ්‍රායල නායකයා ප්‍රතික්ෂේප කර ඇත.
මේ අතර එහිදී පැය කිහිපයකට පෙර, පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් එක්සත් ජාතීන්ගේ සංවිධානයට වාර්තාගත පණිවිඩයක් නිකුත් කරමින් කියා ඇත්තේ, ඊශ්‍රායල ප්‍රතිපත්ති - විශේෂයෙන් වාඩිලාගෙන සිටින බටහිර ඉවුරේ යුදෙව් ජනාවාස නීති විරෝධී ලෙස ව්‍යාප්ත කිරීම - "ඔවුන්ගේ මව්බිමේ පලස්තීන ජනතාවගේ ජීවිතයට හා පැවැත්මට" තර්ජනයක් වන බවයි.
එසේම ඊශ්‍රායලය සහ පලස්තීනුවන් අතර සාමය සඳහා ජාත්‍යන්තරව සහාය දක්වන සූත්‍රයක් වන ද්වි-රාජ්‍ය විසඳුම අනතුරේ හෙළන බව ද ඔහු ප්‍රකාශ කර ඇත.
මේ පාසල් කළින්ම වහද්දි හෙට මේ පාසල්වලට නිවාඩු - දැඩි අයහපත් කාලගුණය නිසා දිවයින පුරා පාසල්වලට විශේෂ දැනුම්දීමක්
තවද අබ්බාස් කියා ඇත්තේ ඊශ්‍රායල හමුදාව විසින් ගාසා තීරයේ "ඝාතන, විනාශ කිරීම්, කුසගින්න සහ අවතැන් වීමේ උත්සාහයන් මෙන්ම ජන සංහාරක යුද්ධයකට" පලස්තීනුවන් ලක් කරමින් සිටින බවයි.
පලස්තීන නායකයා වීඩියෝ සබැඳියක් ඔස්සේ මෙම වාර්ෂික රැස්වීම අමතමින් සිටියේ ඔහුට එක්සත් ජනපද ඇතුළුවීමේ වීසා බලපත්‍රයක් ප්‍රතික්ෂේප කර තිබීම හේතුවෙන්.