ජාතික ජන බලවේග රජයේ දෙවැනි වසර සනිටුහන් කරමින් ජනපති ප්‍රධානත්වයෙන් ගම්පහදී දැවැන්ත ජන රැලියක්

Report

“ජනතා පාලනය – ශක්තිමත් වසර දෙකක්: සැමට ප්‍රගතිය” යන තේමාව යටතේ පැවැත්වෙන දැවැන්ත ජන රැලියක් සැප්තැම්බර් 27 වැනි ඉරිදා ගම්පහදී පැවැත්වීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිවේදනය කර තිබේ.

ජනාධිපතිවරයාගේ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ නිකුත් කර ඇති නිවේදනයට අනුව, රැලිය පස්වරු 3.30ට ආරම්භ කිරීමට නියමිත අතර, එම අවස්ථාවේ සජීවී විකාශයක් ද සිදු කිරීමට නියමිතය.

ජාතික ජන බලවේග රජයේ දෙවැනි වසර සනිටුහන් කිරීම අරමුණු කරගනිමින් සංවිධානය කර ඇති “ජනතා පාලනය – ශක්තිමත් වසර දෙකක්: සැමට ප්‍රගතිය” රැලි මාලාවේ තවත් අදියරක් ලෙස ගම්පහ රැලිය පැවැත්වේ.

මෙම තේමාව යටතේ පසුගිය දිනවල දිවයිනේ ප්‍රදේශ කිහිපයකම ජන රැලි සංවිධානය කර ඇති අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද එම අවස්ථා කිහිපයකට සහභාගී වී තිබේ.

මේ පාසල් කළින්ම වහද්දි හෙට මේ පාසල්වලට නිවාඩු - දැඩි අයහපත් කාලගුණය නිසා දිවයින පුරා පාසල්වලට විශේෂ දැනුම්දීමක්

මේ පාසල් කළින්ම වහද්දි හෙට මේ පාසල්වලට නිවාඩු - දැඩි අයහපත් කාලගුණය නිසා දිවයින පුරා පාසල්වලට විශේෂ දැනුම්දීමක්

මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ අනන්‍යතාව ගැන සමාජ මාධ්‍යයේ උණුසුම් කතාබහක් - අශෝක හඳගමත් වෙනස් කතාවක් කියයි

මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ අනන්‍යතාව ගැන සමාජ මාධ්‍යයේ උණුසුම් කතාබහක් - අශෝක හඳගමත් වෙනස් කතාවක් කියයි