ගල් අඟුරු ටෙන්ඩරයෙන් පාඩුවක් නැහැ ඒකයි ඇත්ත කතාව - ලංකා ගල් අඟුරු සංගමයේ සභාපති

Report

ලංකා ගල් අඟුරු සංගමයේ සභාපති ජයන්ත රත්නායක මහතා ඊයේ (ජනවාරි 28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ආන්දෝලනයට ලක්ව ඇති ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් කරුණු දැක්වීය.

ඔහු මෙහිදී ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු ටික වශයෙන්;

ගල් අඟුරු සම්බන්ධයෙන් විවිධ මතවාද විවිධ අදහස් සමාජගත වී තිබුණද ගල් අඟුරු ගෙන්වීමේදී කිසිදු පාඩුවක් රටට සිදුවී නොමැති බවයි ඔහු සඳහන් කර තිබෙන්නේ.

මේ වන විට රජයට විවේචනය එල්ල වන ගල් අඟුරු ආනයනය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (28) පැවති විශේෂ මාධ්‍ය හමුවේදී ජයන්ත රත්නයක මේ බව සඳහන් කර තිබෙනවා.

අද ප්‍රධාන බැංකු වල ඩොලර් අනුපාතය ස්ථාවරයි

අද ප්‍රධාන බැංකු වල ඩොලර් අනුපාතය ස්ථාවරයි

මෙම දඩ අය කිරි කිරිමත් සමඟ ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 98.50 මිලදී ගත්තේ නම් එම වැය වූ මුදලත් අඩු වී ඇති බව සඳහන් කළ රත්නායක මහතා පළමු ගල් අඟුරු නැවේ ගොඩ බෑමේ වාර්තාව ප්‍රතික්ෂේප කරන මට්ටමේ නොමැති බවයි එහිදී පැවසුවේ.

එහි සාම්පල ඉන්දියාවට පරීක්ෂණයක් සඳහා යොමු කළ අතර එම වාර්තාවේ පමණක් අපගමනයක් පෙන්නුම් කරන බව ඔහු සඳහන් කර සිටියා. දෙවැනි නැවේ වාර්තා දෙකේම ප්‍රශ්නයක් නොමැති බවත් එමේ නැවේ ගල් අඟුරු තවම ගොඩබාමින් පවතින අතර ඉතිහාසයේ පළමුවරට හතර වැනි නැව සමඟ නැව් දෙකම එකට බාන්න කටයුතු කර ඇති බවයි ඔහු පවසන්නේ.

ගල් අඟුරු ටෙන්ඩරේ සම්බන්ධයෙන් විවිධ කතා කිව්වද අපේ රට දුප්පත් රටක් වීම නිසා අඩුවෙන් මිලදී ගැනීමට සොයන බවත් ටෙන්ඩරය ලැබුණු සමාගම ඩොලර් 98කට සැපයීමට එකඟ වූ බව ද ඔහු සඳහන් කරනු ලැබුවා. මෙම මාධ්‍ය හමුව අතරතුර ලංකා ගල් අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ මහතා ද ගල් අඟුරු ආනයනය කිරීමේ කටයුතු ගැටලුවකින් තොරව ක්‍රියාත්මක වන බවත් වාරකන් කාලයට පෙර එනම් අප්‍රේල් මාසෙට පෙර ගල් අඟුරු නැව විස්සක් ගෙන එන බවත් පවසා සිටියා. එමෙන්ම බලාගාරයේ යන්ත්‍ර වලට බලපෑමක් එල්ල නොවන ආකාරයට විදුලි ජනනය ක්‍රියාත්මක කරන බවත් සඳහන් වුණා.

රාජ්‍ය සේවකයන්ට රතු එළියක් - වැඩේ කරනවනම් හරියට කරන්න නැත්නම් යන්නත් පුළුවන්

රාජ්‍ය සේවකයන්ට රතු එළියක් - වැඩේ කරනවනම් හරියට කරන්න නැත්නම් යන්නත් පුළුවන්