බාල බෙහෙත් සිද්ධිය සැරටම පත්තු වෙයි - සෞඛ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාවක්
සමඟි ජන බලවේගයේ (SJB) හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතා පවසන්නේ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.
ඖෂධ අර්බුදය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එල්ල වී ඇති චෝදනාවලට අනුව ඔහු වැරදිකරුවකු නම්, වත්මන් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ද ඒ සම්බන්ධයෙන් වගකිව යුතු බව චරිත් අබේසිංහ මහතා අවධාරණය කරයි.
ආණ්ඩුවේ අකාර්යක්ෂම ක්‍රියාකලාපය හේතුවෙන් අවසානයේදී හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට වන්දි ගෙවීමට සිදුවිය හැකි බවත්, මෙම තත්ත්වය රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බරපතළ ගැටලුවක් බවත් ඔහු ප්‍රකාශ කළේය.
මෙම විශ්වාසභංග යෝජනාව සඳහා විපක්ෂයේ අනෙකුත් කණ්ඩායම්වල සහාය ලබාගැනීමට ද කටයුතු කරන බව චරිත් අබේසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම යෝජනාව ඉදිරිපත් කිරීමේ නිශ්චිත දිනයක් තවමත් ප්‍රකාශයට පත්වී නොමැති අතර, එය පාර්ලිමේන්තුවේදී දැඩි විවාදයකට තුඩුදිය හැකි බවට විචාරකයන්ගේ අදහසයි.