ආයෙ ගාලු කොටුවේ හමුදා කඳවුරු, රාජ්‍ය ආයතන නෑ...ඔක්කොම ඉවත් කරනවා
නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා විසින් ගාලු කොටුවේ පිහිටා තිබෙන හමුදා කඳවුර වෙනත් ස්ථානයකට ගෙන යාමට නියමිතව ඇති බව පවසා ඇත.
එසේම එම පියවර ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ද නිර්දේශ කර ඇති බවට ඔහු ප්‍රකාශ කරයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව මෙන්ම දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී පවසා තිබෙන බව වාර්තා වේ.
එසේම ඔහු තවදුරටත් පවසා ඇත්තේ ගාලු කොටුවේ ඇති සියලුම රජයේ කාර්යාල වෙනත් ස්ථාන කරා ගෙන යන බවයි.
ඒ අනුව මෙහිදී ඔහු විසින් පෙන්වා දුන්නේ ගාල්ල නගරයට ආරක්ෂාව සැපයීමට නාවික හමුදා කඳවුරක් සහ පොලිස් මූලස්ථානයක් ප්‍රමාණවත් බවයි.
ඒ සඳහා හමුදා කඳවුරක අවශ්‍යතාවයක් මතු නොවන බවයි.
එමෙන්ම හමුදා කඳවුර ගෙන ගිය පසු ගාලු කොටුවට ආයෝජන වැඩසටහන ක්‍රියාත්මක කළ හැකි බවත් ඔහු එහිදී පැවසූ බව සඳහන්.
