වීඩියෝ දාලා වගකීම ගන්නවා කිව්ව නිර්මාල්ට හිටපු මන්ත්‍රී දොළවත්ත හොඳවයින් අමතයි - වහාම අධිකරණයට යන්න

Report

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා නීතිගරුක පුරවැසියෙකු නම් වහාම කළ යුත්තේ තමන් අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීවරයාගේ ඝාතනයට වගකිවයුතු පුද්ගලයෙක් යනුවෙන් දිව්රුම් ප්‍රකාශයක් මඟින් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීී නීතීඥ ප්‍රේමනාත් සී. දොළවත්ත පවසයි.

ඒ අනුව අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීතුමාගේ ඝාතන නඩුවේදී සැකකරුවන් පිරිසක් නිදහස් කිරීමට විරුද්ධව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා ගොනු කිරීමට සූදානම් වීම හේතුවෙන් එම අභියාචනා ගොනුකරන අවස්ථාවේදීම නිර්මාල් රංජිත් දේවසිරි මහතාට තමාද මෙම ඝාතනයට වගකිවයුතු පුද්ගලයෙක් ලෙස අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව පවතින බව හිටපු මන්ත්‍රීවරයා විසින් පෙන්වා දෙයි.

මරණ දඬුවමට ලක් වෙච්ච 12 දෙනාට මමත් වගකියන්න ඕනේ - ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සමඟ නිර්මාල් සමාව ඉල්ලයි

මරණ දඬුවමට ලක් වෙච්ච 12 දෙනාට මමත් වගකියන්න ඕනේ - ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සමඟ නිර්මාල් සමාව ඉල්ලයි

අමරකීර්ති මන්ත්‍රීතුමාගේ ඝාතන නඩුව ඉකුත් කාලය පුරා ගම්පහ මහාධිකරණයේ විභාග වන විට මෙම ඝාතනයන්ට අවශ්‍ය මතවාදය ගොඩනැගූ නිර්මාල් රංජිත් දේවසිරි මහතා ඒ අවස්ථාවේදී තමාද මීට වගකිවයුතු බව අධිකරණයට දැනුම් නොදී නඩු විභාගය අවසාන වීමෙන් අනතුරුව තමාද මීට වගකිවයුතු බව ප්‍රකාශ කරන්නේ කුමන පදනමකින්ද කියා තමා ප්‍රශ්න කරන බවද හිටපු මන්ත්‍රීවරයා පවසයි.

එමෙන්ම මෙම ඝාතන නඩු විභාගයේදී අත්වන්නේ මරණ දඬුවම හෝ නිදහස්වීම කියන කාරණා දැන දැනම නිර්මාල් රංජිත් දේවසිරි මහතා නිහඬව සිටීම කණගාටුවට කරුණක් බවත් සඳහන් කරයි.

පව් කියලා බුකියේ වැළපුණු හැමෝගෙම කටවල් වැහෙයි - පියුමිගේ පුතාගේ තවත් වීඩියෝවක් ලීක් වෙයි

පව් කියලා බුකියේ වැළපුණු හැමෝගෙම කටවල් වැහෙයි - පියුමිගේ පුතාගේ තවත් වීඩියෝවක් ලීක් වෙයි

ඔහු සමාජයේ නීතිගරුක පුද්ගලයකු නම් කළ යුත්තේ මාද මීට වගකිවයුතු බව ඒ අවස්ථාවේදී ප්‍රකාශ කිරීම බවත් අනතුරුව ඔහු සිදුකළ මෙම ප්‍රකාශයෙන් හෙළිවන්නේ ඔහු නීතිගරුක නොවන පුද්ගලයෙකු බවත් දොළවත්ත හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

රටක් බලා සිටි එම නඩු විභාගය අවසන් වීමෙන් පසුව මාධ්‍ය සංදර්ශන බොරුවට පවත්වමින් තවදුරටත් විපක්ෂයට මඩ ගහන්නේ නැතුව නිර්මාල් රංජිත් දේවසිරි මහතා නීතිගරුක පුද්ගලයකු නම් දැන්වත් අධිකරණයට ගොස් තමාද මීට වගකිවයුතු බව ප්‍රකාශ කළ යුතු බවත් ඔහු ප්‍රකාශ කරයි.

එසේම තමා ඇතුළුව තවත් මෙම මතවාදය වෙනුවෙන් පෙනී සිටි පිරිස් ඉන්නවා නම් ඔවුන් පිළිබඳව ද අධිකරණයේදී කරුණු හෙළි කිරීම නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ වගකීම බවද ප්‍රේමනාත් සී. දොළවත්ව හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසයි.

මරණීය දණ්ඩනය නියම වූ ප්‍රේමලාල් ජයසේකරට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

මරණීය දණ්ඩනය නියම වූ ප්‍රේමලාල් ජයසේකරට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්