බාප්පාගෙන් හා පියාගෙන් පහර කා මියගිය 14 හැවිරිදි දියණියගේ ඇත්තම සංවේදී කතාව එළියට..(VIDEO)

Gampola Kandy Mount Temple Nipuni Nuvanthika
By Sewvandhi Dec 22, 2021 10:08 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සිය පියාගේ හා බාප්පාගේ දඬුවමක් හේතුවෙන් දැරියක් නිවසේදීම මිය යෑමේ කණගාටුදායක පුවතක් ගම්පොළ ප්‍රදේශයෙන් වාර්තා වුණි.

එම දඬුවම ලබාදී ඇත්තේ ඥාති සොහොයුරියකගේ ප්‍රේම සම්බන්ධතාවකට දැරිය සහය ලබා දුන් බව කියන සිද්ධියක් මුල්කරගනිමින් බව මේ වන විට අනාවරණය වී තිබේ.

එලෙස මියගොස් ඇත්තේ ගම්පොළ මවුන්ට් ටෙම්පල් ජනපදයේ පදිංචිව සිටි 14 හැවිරිදි නිපුනි නුවන්තිකා බණ්ඩාර නැමති දැරියකි.

පසුගිය 13 වෙනිදා ඇයව ගම්පොළ අංගම්මන ප්‍රදේශයේ පිහිටි ඇගේ බාප්පාගේ නිවසට කැටුව ගොස් තිබුණේ බාප්පාගේ දියණියගේ හා මවගේ තනියට එහි නතර කිරීමේ අපේක්ෂාවෙනි.

දින කිහිපයක් එම නිවසේ ගත කළ ඇය ඉකුත් 19 වැනිදා නැවත සිය නිවසට රැගෙන විත් තිබුණි. ඉන්පසුව ඇය කිහිප වරක්ම වමනය කර තිබු අතර ඇය නිවැසියන්ට පවසා තිබුණේ බාප්පා පහර දුන් බවය. ඒ බාප්පාගේ දියණියගේ ප්‍රේම සම්බන්ධතාවක් ගැන තොරතුරු වසන් කළේ යැයි පවසමිනි. 

 පසුව 21වැනිදා ඇයගේ රෝගී තත්ත්වය උත්සන්න වී ඇති අතර, එදින අලුයම දැරියගේ පියාද ඇයට පහර දීමක් සිදුකර තිබේ. පසුව දැරිය රෝහල්ගත කිරිමට නිවැසියන් උත්සාහ කළ ද පියා ඊට ඉඩ දී නොමැති අතර එදින දහවල් 2ට පමණ දැරිය නිවසේම මියගොස් තිබුණි.

ගම්පොළ මහෙස්ත්‍රාත්වරයා අදාළ නිවසට පැමිණ ස්ථානීය පරීක්ෂණ සිදුකර තිබේ. මහෙස්ත්‍රාත්වරයාට සිදුවීම පිළිබඳ අදහස් දැක්වු මියගිය දැරියගේ සහෝදරිය මෙසේ පැවසීය.

"අක්කි දොඩවනවා කියලා තාත්තිට නිදාගන්න නැහැ කියලා තාත්ති පාන්දර 2ට විතර ගැහුවා. පොඩි අක්කිට රීප්ප පටියකින් කකුල් දෙකට. ආය පොඩි අක්කි කාමරේ ට ගිහින් නිදාගත්තා. ආයේ දොඩවන්න පටන්ගද්දි තමයි තාත්ති ඇවිල්ලා එළියට දැම්මේ අක්කිව. තාත්තා චුට්ටක් බීලා හිටියේ හවස."

ඇයි ඉස්පිරිතාලේ එක්කන් ගියේ නැත්තේ අම්මයි තාත්තයි. "

ඉස්පිරිතාලේ එක්කන් ගියේ නැහැ. පල්ලයහා නැන්දා කෙනෙක් ඉන්නවා. එයා ගාවට ගියා බලන්න. එතකොට කිව්වා පොඩි අක්කි බයවෙලා කියලා. අද හවස දෙහි ගෙඩියක් මේවා කරන්න යද්දි තමයි ඉස්පිරිතාලේ එක්කන් ගියේ හුස්ම ගන්නේ නැති නිසා. එතකොටත් මැරිලා ඉඳලා තියෙන්නේ. "


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now