නිල්ගල වනය රක්ෂිතයක් බවට පත් කරයි
Latest Headlines
Sinhala news
SriLanka News - Gagana
By Hashini
අදට ජෛව විවිධත්ව සංරක්ෂණ දිනය යෙදී තිබෙනවා.
ඒ නිමිත්තෙන් නිල්ගල වනය රක්ෂිතයක් බවට නිල වශයෙන් පත් කිරීම සිදු කෙරෙනවා.
නිල්ගල වනාන්තරයේ ප්‍රධානතම වන සංරක්ෂණ කොටස බිබිල අඩවියයි.
මෙම වනයට මැදගම, බිබිල, නිල්ගල සහ ඉගිනියාගල වශයෙන් වන සංරක්ෂණ බීට්ටු හතරක් අයත් වනවා.
ඒ අනුව, නිල්ගල ප්‍රදේශයට හෙක්ටයාර 40, 638 ක රක්ෂිතයක් මෙයට අයත්.
එසේම වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින බන්දුල පෙතියා මත්ස්‍යයා වෙසෙන භූමිය සංරක්ෂණ කලාපයක් බවට පත් කිරීමේ ද අද සිදු කෙරෙනවා.
ඒ අනුව කෑගල්ල - ගලපිටමඩ ප්‍රදේශය මෙලෙස සංරක්‍ෂණ කලාපයක් වනවා.
