ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ නිකිණි පුර පසළොස්වක පොහොය අදයි..

Nikini Full Moon Poya Sri Lanka Buddhism
By Aruna Aug 30, 2023 02:04 AM GMT
Aruna

Aruna

Report

ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් වූ නිකිණි පුර පසළොස්වක පොහොය අදයි.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු බුදදහම සම්බන්ධයෙන් එල්ල වූ විනය විරෝධී ආකල්ප නැතිකරමින් ශාසන චිරස්ථිතිය සඳහා ප්‍රථම ධර්ම සංගායනාව අද වැනි නිකිණි පුර පසළොස්වක පොහෝ දිනක පැවැත්වුණා.

විනයකර්ම සිදුකර වස් එළඹීමට නොහැකි වූ භික්ෂූන්ට පසුවස් එළඹීම සඳහා බුදුන් වහන්සේ අනුදැන වදාළේ ද අද වැනිම වූ නිකිණිපුර පසළොස්වක පොහෝ දිනක වීම විශේෂත්වයක්.

ප්‍රථම ධර්ම සංගායනාවට පෙර ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් වහන්සේ රහත් භාවයට පත්වූයේ ද අද වැනි නිකිණි පුර පසළොස්වක පොහොය දිනකයි.

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබා පළමුව උරුවෙල් දනව්වේ සේනානිගමට වැඩම කරවීමද අද වැනි නිකිනි පුන් පොහෝ දිනක සිදු වූ බව ශාසන ඉතිහාසයේ සදහන්.

උන් වහන්සේගේ ලලාට ධාතුව තැන්පත් කර සේරුවාවිල මංගල චෛත්‍යයේ ඉදිකිරීම් ආරම්භ කිරීම ද මෙම උතුම් පොහෝ දිනයේ සිදු වූ බව ඉතිහාසයේ සදහන් වනවා.

ReeCha