අධිකව වෙහෙස වෙනවද..? රෑටත් වැඩද..? ඇති විය හැකි භයානක තත්වය ගැන ඔබ දැනුවත්ද..?

STRESS SOCIAL MEDIA VITAMINS NIGHT SHIFTS RELCING MUSIC
By Sewvandhi Nov 09, 2021 12:29 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සමහර වෙලාවට අපේ creative ideas රෑට රෑට ආවට ඇහැරගෙන ඉන්න එක හොඳ වැඩක් නම් නෙමෙයි කියලා අම්මලා නිතරම බනිනවා නේද. හැබැයි ඉතින් සමහර අයගේ රැකියාවල ස්වභාවය අනුව night shift කරන්නත් වෙනවා. ඒ වගේම සමහර ආයතන වල වැඩ කරනකොට රෑ දවල් කියලා වෙනසක් නැහැ.

Office වල අය නම් වැඩ කරනවා කියමුකෝ. හැබැයි ඔය අතරේ සමහර අය ඉන්නවා නිදාගන්න ඇඳට ගිය වෙලාවේ ඉදන් ඊට පහුවෙනිදා පාන්දර 4 – 5 වෙනකන් social media වල සැරිසරන . කොහොම හරි ඔය හැමෝම කරන්නේ රෑට ඇහැරගෙන ඉන්න එක. ඉතින් අද කියන්න යන්නේ රෑට නැගිටගෙන ඉන්න ක හොදද නරකද කියලා.

අධිකව වෙහෙස වෙනවද..? රෑටත් වැඩද..? ඇති විය හැකි භයානක තත්වය ගැන ඔබ දැනුවත්ද..? | Night Shifts And Stress Health Condition

ආතතිය

අධික මහන්සි වී වැඩ කිරීමෙන් ඕනෑම කෙනෙක් ආතතියට පත් වෙනවා. ඒ වගේම රුධිර පීඩනය ඉහළ යාම, රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම සහ සිරුරට අහිතකර කොලෙස්ටරෝල් මට්ටම ඉහල යාම සිදු වෙනවා.

පියයුරු පිළිකා තත්වයන්

ගොඩක් අය හිතන්නේ පියයුරු පිළිකා හැදෙන්නේ කාන්තාවන්ට විතරයි කියලා .හැබයි කාන්තාවට වගේම පුරුෂයින්ටත් පියයුරු පිළිකා වීමේ සම්භාවිතාවයක් තියෙනවා කියලා පර්යේෂකයින් සොයාගෙන තියෙනවා.ඉතින් නිදිවරාගෙන රාත්‍රියේ වැඩ කිරීම පියයුරු පිළිකා වලට අත වැනීමක් විදියට හදුන්වන්න පුළුවන් .

විටමින් ඩී නොලැබිම

විටමින් ඩී කියන්නේ හිරු එළියෙන් ලැබෙන දෙයක්. ඔබ අඳුරේ සිටින විට සහ එළිමහනේ කාලය ගත නොකරන විට විටමින් ඩී ලැබෙන්නේ නැහැ. ඉතින් ඔබට විටමින් ඩී නොමැති වීමෙන් මානසික අවපීඩනය, අස්ථි සෞඛ්‍යය දුර්වල වීම, පුරස්ථි පිළිකා, මහා බඩවැලේ පිළිකා සහ හෘද රෝග ඇති වීමට මඟ පාදනවා.

අධිකව වෙහෙස වෙනවද..? රෑටත් වැඩද..? ඇති විය හැකි භයානක තත්වය ගැන ඔබ දැනුවත්ද..? | Night Shifts And Stress Health Condition

දෙවන වර්ගයේ දියවැඩියාව

රාත්‍රියට නිදි මැරීම සහ එකම තැන වැඩි වෙලාවක් වාඩි වී වැඩ කිරීමෙන් දෙවන වර්ගයේ දියවැඩියාව ඇති වන පර්යේෂකයින් විසින් සොයාගෙන තිබෙනවා. රෑටත් වැඩ නම් මේ උපදෙස් පිළිපදින්න

  • කැෆේන් ගන්න එපා
  • නිතරම එළවලු සහ පලතුරු ආහාරයට ගන්න
  • relaxing Music නිතරම අහන්න
  • පරිගනකයක වැඩ කරන කෙනෙක් නම් ටික වෙලාවක් අවදානය වෙනතකට යොමු කරන්න
  • භාවනා කරන්න
  • පැයක් පමණ සිංදුවක් අහන්න
  • හිතට සතුට ගෙනෙන ඕනෑම දෙයක් සිදු කරන්න
  • ඔබේ සේවකයින් සමඟ කතා කරන්න

දැන් ඔයාට තේරෙනවා නේද රෑට නිදාගන්නේ නැතුව නැගිටලා ඉන්න එක කොච්චර භයානකද කියලා .ඉතින් ඒ නිසා දිනපතාම පැය 6කවත් නින්දක් රෑට ලබා ගන්න පුරුදු වෙන්න .හැබැයි ඔයාගේ job එකේ විදියට රෑට නැගිටලා ඉන්න වෙනවා නම් Be Happy ඉහත සදහන් කළ උපදෙස් පිළිපැද්දොත් නිරෝගීව ජිවත් වෙන්න පුළුවන් .

   අධිකව වෙහෙස වෙනවද..? රෑටත් වැඩද..? ඇති විය හැකි භයානක තත්වය ගැන ඔබ දැනුවත්ද..? | Night Shifts And Stress Health Condition


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


ReeCha