ඉදිරි සතිය ශ්‍රී ලංකාවට රතු එළියක්..දැඩි විමසිල්ලෙන් සිටින්න.
Covid
Upul Rohana
Sri Lanka
By Aruna
අනවශ්‍ය ආකාරයට මහජනතාව ඒකරාශී කරගෙන සිදුකරන ආගමික වැඩසටහන් සංවිධාකයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
ආගමික ස්ථානවලට විශාල වශයෙන් බැතිමතුන් ඒකරාශීවන සිද්ධීන් කිහිපයක් පසුගිය දිනවලදී වාර්තා වී ඇති බවයි එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ.
තලවාකැලේ ප්‍රදේශයෙන් වාර්තා වූ එවැනි සිද්ධියක් පිළිබඳවද උපුල් රෝහණ මහතා මෙහිදී උදාහරණ ලෙස පෙන්වා දුන්නා.
මේ වන විට රට පවතින්නේ ඉදිරි සතිය තුළ රට දැඩි කොවිඩ් අවධානමක් ඇති වීමේ තත්ත්වයක බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
