ලබන බදාදා සිට රට පුරා කරන්න යන දේ මෙන්න..

Sri Lanka Train Dilum amunugama Bus fares
By Aruna Dec 26, 2021 09:06 AM GMT
Aruna

Aruna

Report

ලබන බදාදා සිට සංශෝධනයකට යටත්ව බස්ගාස්තු ඉහල දැමීමට සිදුවන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

මේ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (26) මධ්‍යම රාත්‍රීයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දිපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනය තාවකාලිවක අත්හිටුවීමට එම සංගමය තීරණය කර තිබෙනවා.

ඒ, දුම්රිය දෙපාර්තමේන්තුවේ බලධාරීන් සමඟ හෙට (27) පෙරවරුවේ සාකච්ඡාක් ලබාදීමට කටයුතු කිරීමත් සමඟයි.

කෙසේ වෙතත්, ප්‍රවේශ පත්‍ර ලබානොදීම සහ ප්‍රවාහන කටයුතු සදහා පාර්සල් නොගැනීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මකයි.

උසස්වීම් හා බඳවා ගැනීම් සිදු නොකිරීම,නියමිත පරිදි දුම්රිය ධාවනය නොවීම මෙන්ම සංඥා ක්‍රම පිළිබඳ ගැටළු ඇතුළු ඉල්ලීම් 25ක් මුල්කරගෙන දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩ වර්ජනයක් ආරම්භ කරනු ලැබුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now