මීලගට කොවිඩ් එන්නත ලැබෙන පිරිස මෙන්න.

Covid-19 Corona Vaccine
By Thaya Feb 14, 2021 04:44 PM GMT
Thaya

Thaya

Report

අදියර කිහිපයක් යටතේ සියලු විශ්වවිද්‍යාල සිසුන්ට කොරෝනා මර්දන එන්නත් ලබාදීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ. එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, මේ පිළිබඳ යෝජනාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත ඉදිරිපත් කර ඇති බවයි. පළමු අදියරේදී විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨවල හා දන්ත වෛද්‍ය පීඨවල සායනික පුහුණුව සඳහා යන සිසුන්ට කොරෝනා මර්දන එන්නත් ලබාදීමට නියමිතය. 5800 කට අධික පිරිසක් එම කණ්ඩායමේ සිටින බව ද ඔහු කියා සිටියේ ය.

ඉන් අනතුරුව සෙසු විශ්වවිද්‍යාල සිසුන්ට ද කොරෝනා මර්දන එන්නත් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති බව මහාචාර්ය සම්පත් අමරතුංග ප්‍රකාශ කළේ ය. විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු හදාරන සමස්ත සිසුන් සංඛ්‍යාව 140,000 කි. මේ අතර කොරෝනා ව්‍යාප්තියත් සමග සියලු විශ්වවිද්‍යාල මේ වනවිට වසා දමා ඇති අතර Online ඔස්සේ අධ්‍යයන කටයුතු සිදු කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.