නින්දේදී ඔබත් ගොරවනවද..? තවත් දුක් වෙන්න එපා..මෙන්න අලුත්ම ගැජට් එක..
නින්දේදී ඇති වන ගෙරවීම මඟහරවා ගැනීම සඳහා ලොව ප්‍රථම වරට ස්මාර්ට් කොට්ටයක් නිපදවා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, DeRucci සමාගම විසින් මෙම කොට්ටය හඳුන්වා දී ඇති අතර මෙය ''next-generation anti-snore pillow” ලෙස නම් කර ඇති බවයි.
මෙම anti-snoring ස්මාර්ට් කොට්ටය තුළ නින්ද යාමට පෙර හිස, සුවපහසු ස්ථානයකට ගෙන යාමට යෙදුමක් අන්තර්ගත වෙනවා. එමෙන්ම අභ්‍යන්තර සායනික අධ්‍යයනයකට අනුව මෙම කොට්ටය හරහා ගොරවීම 89% දක්වා අඩු කළ හැකි බවයි, සමාගම පවසන්නේ.
මෙය සාමාන්‍යයෙන් එදිනෙදා භාවිත කරන කොට්ටයකට සමාන වන අතර එය තුළ ඇති විශේෂ Detection System එක ඔස්සේ ගෙරවීම නිසා ඇති වන කම්පන හඳුනා ගෙන ස්වසන මාර්ගයේ යම් අවහිර විමක් සිදුව ඇති නම් එය යථාතත්වය පත් වීමට අවශ්‍ය පරිදි කොට්ටය වෙනස් වීම සිදු වෙනවා.
මෙම වෙනස් වීම එය භාවිත කරන පුද්ගලයාට නොදැනෙන සේ සිදුවීමයි, මෙහි ඇති විශේෂත්වය වන්නේ.
කෙසේ වෙතත් මෙම කොට්ටය මෙම වසරේ ඔක්තොම්බර් සිට බෙදා හැරීම ආරම්භ කිරීමට නියමිත අතර මෙය මුදලින් ඩොලර් 199ක පමණ වනු ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
