ඉදිරි පැය 24 තීරණාත්මකයි.නිවේදන ගැන විමසිල්ලෙන්

TN Weather Rain
By Akash Apr 10, 2025 12:35 AM GMT
Akash

Akash

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ තද වැසි, තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ දැනුම්වත් කරමින් නිරිතදිග බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රාකරන බහුදින ධීවර යාත්‍රා සඳහා සැලකිලිමත් වන ලෙසයි. ඉදිරි පැය 24 සඳහා වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව නිරිත දිග බෙංගාල බොක්කේ මධ්‍යම ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 12 තුළ බටහිර මධ්‍යම බෙංගාල බොක්ක හරහා උතුරු දෙසට ගමන් කිරීමට ඉඩ ඇත.

ඉන් පසුව එය ඉදිරි පැය 24 තුළ මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව ක්‍රමයෙන් දුර්වල වීමට ඉඩ ඇත. එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං (පැ.කි.මී. 60 පමණ) සමගින් තද වැසි පැවතිය හැකි වේ.

එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බව එම නිවේදනයෙන් වැඩිදුරටත් සදහන් වේ. කෙසේ වෙතත්, මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවට එම නිවේදනයෙන් දැනුම් දී තිබෙනවා.  

ReeCha