ඉදිරි පැය 12 ගැන අනතුරු ඇඟවීමක්..

Sri Lanka Weather Galle Kaluthara Rathnapura
By Aruna Nov 03, 2021 02:27 AM GMT
Aruna

Aruna

Report

බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22ක් සඳහා නිකුත් කළ තිබූ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් දීර්ඝ තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, අද (03) රාත්‍රී 08.00 දක්වා අදාළ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනය දීර්ඝ කර ඇති බවය.

මේ අතර අයහපත් කාලගුණයත් සමඟ ඇති වූ ආපදා තත්ත්වයෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 41කට බලපෑම් සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

ආපදා තත්ත්වයෙන් පවුල් 1,444 කට අයත් පුද්ගලයින් 5,790 දෙනෙකු පීඩාවට පත්ව තිබේ.

මේ අතර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු ද විවෘත කර ඇති බව සඳහන් වේ.

දිවයින ආසන්නයේ පැවති අඩුපීඩන කලාපය ක්‍රමයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේවෙතත් අද දිනයේ ද දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්ය නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා දිසානායක මහත්මිය පැවසුවාය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now