නවසීලන්තයේ භූ කම්පනයක්!

By Dilasha Mar 25, 2025 06:19 AM GMT
Report

නවසීලන්තයේ දකුණු වෙරළට ඔබ්බෙන් පිහිටි පැසිෆික් සාගරයේ රික්ටර් මාපකයේ 6.7ක ප්‍රබල භූ කම්පනයක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ස්නේරස් දූපත්වලට වයඹ දෙසින් කිලෝමීටර 160ක් පමණ දුරින් පොළොව අභ්‍යන්තරයේ මෙම භූ කම්පනය සිදු වී ඇති බවත් මේ හේතුවෙන් නවසීලන්තයේ සවුත්ලන්ඩ් සහ ෆියෝලන්ඩ් කලාප වල පදිංචිකරුවන් එම ප්‍රදේශ වලින් ඉවත් වන ලෙසට දැනුම් දී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.