මුහුණු ආවරණ නොමැතිව පුද්ගලයින්ට එරෙහිව දැඩි දඩුවම්

By Wasantha Jul 27, 2021 03:22 AM GMT
Wasantha

Wasantha

Report

මුහුණු ආවරණ නොමැති පුද්ගලයින් බොහෝ සෙයින් දක්නට ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි. එවන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විශේෂ මෙහෙයුමක් දියත් කර ඇත.

විශේෂයෙන් කොළඹ වැසියන් කිහිප දෙනෙකු ප්‍රසිද්ධ ස්ථානවල මුහුණු ආවරණ පැළඳ නොසිටින බව අනාවරණය වීමෙන් පසුව මෙම මෙහෙයුම දියත් කළ කර ඇත.

මුහුණු ආවරණ නොමැතිව ප්‍රසිද්ධියේ සැරිසරන පුද්ගලයින් ගණනාවක් සාමාන්‍ය ඇඳුම් ඇඳගත් පොලිස් නිලධාරීන් සහ බුද්ධි අංශ නිලධාරීන් විසින් සටහන් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... Join Now