වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභව කිරීමේ නැකත උදා වෙයි

Sinhala and Tamil New Year Sinhala news
By Shehan Apr 14, 2025 01:27 AM GMT
Shehan

Shehan

Report

අද (14) පෙරවරු 06:44ට වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවයේ නැකත යෙදුණි.

මුතු හා සුදු පැහැ ඇඳුම් හා ආභරණ ඇඳ, දකුණු දිශාව බලා වැඩ ආරම්භ කිරීම, ගනුදෙනු කිරීම හා ආහාර ගැනීම නැකැත් චාරිත්‍රවලට ගැළපේ.

නව අවුරුද්ද අද (14) පෙරවරු 03:21ට සුබ නැකතකින් උදා විය.

පුණ්‍ය කාලය ඊයේ (13) පස්වරු 08:57ට ආරම්භ වී, අද (14) පෙරවරු 09:45ට අවසන් වේ.

හිසතෙල් ගෑමේ නැකත 16 වැනිදා පෙරවරු 09:04ට යෙදේ.

කොළ පැහැ ඇඳුම් හා ආභරණ ඇඳ, උතුරු දිශාව බලා, කොහොඹ පත් හිසටත්, කොළොන් පත් පයටත් තබා, කොහොඹ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම සුදුසු යැයි සඳහන්.

අලුත් අවුරුදු නැකත් සීට්ටුව මෙන්න!

අලුත් අවුරුදු නැකත් සීට්ටුව මෙන්න!

ReeCha