ගෙවීම් ක්‍රමය භාවිතා කරන්නන්ට WhatsApp ලබාදීමට සැරසෙන අලුත් පහසුකම

WhatsApp function payable WABetainfo
By Sithumi Sep 24, 2021 03:39 PM GMT
Sithumi

Sithumi

Report

WhatsApp සිදුකරන අත්හදා බැලීම් වලින් එක් අත්හදාබැලීමක් වන්නේ ක්‍ෂණික ගෙවීම් සඳහා මුදල් ආපසු ලබාදීමේ ක්‍රමයයි. මේ වන විට මෙය පරීක්ෂණ මට්ටමේ ඇති අතර පරීක්‍ෂණයට තෝරාගෙන ඇත්තේ ඉන්දියාව බව වාර්තා වනවා.

WhatsApp හි කලක සිට WhatsApp Pay ලබා ගත හැකි රටවල් අතරට ඉන්දියාව අයිති වූ අතර අනෙක බ්‍රසීලය වේ. නව අත්හදබලිම අනුව ගෙවීම් සඳහා වන functions හඳුන්වා දීමෙන් පසු නැවත පැය 48 කට පසු ඔබට මුදල් ආපසු ලබා ගැනීමේ හැකියාව ලබා දී තිබෙනවා.

මෙහි අරමුණ වන්නේ මෙම පහසුකම ප්‍රවර්ධනය කිරීම බවයි වාර්තා වන්නේ. WABetaInfo විසින් මෙම තොරතුරු ලබා ගත හැකි බවට දන්වා තිබෙනවා.

එමෙන්ම මෙම “ත්‍යාගය” ලබා ගත හැක්කේ WhatsApp Pay හරහා ගෙවන පළමු ගෙවීමට පමණක් ද, නැත්නම් එය සියලු ගණුදෙනු සඳහාම ලබා ගැනීමට හැකිද තවමත් ස්ථිරව ප්‍රකාශ කර නොමැත.

මේ වන විට මෙම පහසුකම ඉන්දියාවේ පරික්ෂාවට ලක් කරන අතර එය අනෙකුත් රටවලට ලබා දීමේ තීරණය රදා පවතින්නේ මේ පරීක්ෂණය මත බවයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now